(නිමන්ති රණසිංහ)

වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) වරෙන්තු නිකුත් කරනු ලැබුවේය .

මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ යෙදීමේ සිද්ධියකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙ පවතින නඩුවකට මෙම සැකකරුවන්  පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කළේය .

2010 පෙබරවාරි මස 06 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ මහජන පීඩාවක් ඇති වන අයුරින් බෞද්ධාලෝක මාවත සහ හැව්ලොක් මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණයක් සිදු කිරීමට අදාළව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර තිබුණේ කුරුදුවත්ත පොලිසිය විසිනි .