(මනෝප‍්‍රිය ගුණසේකර)
අල්ලස් චෝදනාවකට වරදකරුවී වසර 18ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටි වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා විසින් ඔහු නිදහස් කරන ලදී.
වරකාපොළ ප‍්‍රදේශයේ මාර්ග තුනක් ඉදිකිරීමට අදාළ කොන්ත‍්‍රාත්තුව ලබාදීම සඳහා කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණයෙන් නියම කළ දඬුවම අභියාචනාධිකරණය විසින්ද තහවුරු කර තිබියදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල යටතේ අදාළ සභාපතිවරයා මෙලෙස නිදහස් කර ඇතැයි හෙළි විය.
මීට වසර 23කට පෙර සිදුකළ වරදක් සම්බන්ධයෙන් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටියදී ජනාධිපති සමාව යටතේ මෙලෙස නිදහස් කොට ඇත්තේ වරකාපොළ ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇති දැදිගම නෙළුම්දෙණියේ පදිංචි මාකේවිටගේ ලක්‍ෂමන් පතිරාජ සමරසිංහ නමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලනවා කියලා ඇවිත් මෙන්න කරන වැඩ. මඩු වලිගේ අරගෙන ගහගන්න තියෙන්නේ...
මොනවා කරන්නද? දැන් ලංකාවේ වංචා කාරයින්ගෙනුයි, පාගා කාරයින්ගෙනුයි, කුඩු මුදලිලාගෙනුයි පිරිලා. ජනාධිපති කාර්යාලයේ සිටිය ලොකු පගාවක් ගන්න ගිහිල්ල කොටුවුණු කෙනාටත් අත්වෙන්නේ ඔය ඉර්ණම තමයි.
රටකට ගිය කලක්... හොඳම පූර්වාදර්ශය...
මේ වගේ හොරුන්ට සමාව දෙන්න ජනපති ට තියෙන බලය මොකක්ද? මේ ව්‍යවස්ථාව පුළුවන් තරම් ඉක්මනට වෙනස් කල යුතුයි.
සමන්ත මෙයා කරන්නෙම නීති කඩන එකයි නීති කඩලා හිරේ ගිය අයට සමාව දෙන එකයි විතරයි. වෙන කිසිම වැඩකට ඇති වැඩක් කරන්නේ නෑ. යන යකා කොරහත් බින්දගෙනම යයි වගේ.
ඇයි ඉතින් කීවනේ මම ගියොත් යන්නේ ඔක්කොම ගිනිතියාගෙන කියලා . දැන් දුමින්දලා කුරාම්ගේ මිනීමරුවා දතකට මැදගෙන ඉන්නවා ඇති සමාව දෙනකල්.
අධිකරණයට අපහස කරනවා කියල රන්ජව අල්ලාගෙන කන්න හදනවා නමුත් මේක අධිකරණයට කරන අපහසයක් නොවේද ( නීතිමය තත්වය කෙසේවෙතත් සදාචාරාත්මක පැත්තෙන් බැලුවහම ) ටික කලකට පෙර අපේ රටේ ලොකු මහත්මයෙක් කිව ජනතා දේපල හොර කන පුද්ගලයෝ බලු කපුටන් වෙලා ලබන ආත්මේ ඉපදෙනවා කියල නමුත් එම හොරුන් නිදහස් කරන , ඔවුන්ට අනුබල දෙන , පුද්ගලයන්ට එම ඉරණම අත්වෙන්න නැතුව ඇති , එමනිසා මමත් හිතන්නේ මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලවුව ඒවගේ වැඩක් දෙකක කරගත්තට කමක් නැතුව ඇති .
අල්ලස් නඩුවකට මහාධිකරණයෙන් හා අභියාචනාධිකරණය කියන මේ උත්තරීතර අධිකරණවලින් දුන් තීන්දුවකට ජනාධිපති සමාවක් ලැබුනා ඇහුවාමයි. මේ වගේ නීච වරදකට ජනාධිපති සමාව දුන්න මුල්ම රට හැටියට අපේ මේ සිරි ලංකාද්වීපය ඉතිහාසයට එක්වෙනවා සිකුරුයි.
ඔක්කොම හොරු මිනි මරුවෝ එලියට දාන්න වගේ
අපේ ජනාධිපති තුමාගේ වැඩ ඔහොම තමයි කොල්ලනේ. දැන් බලන්න උන්නැහේ වඩු මඩු තහනම් කළා වනය ආරක්ෂා කරන්න කියලා . ඇත්තටම නියම හේතුව මොකක්ද.?
ඡන්දෙ කිට්ටුවෙනකොට කවුරු කවුරුත් හිරබත් කාලා පළපුරුදු මැරයෝ සමාව දීලා එළියට ගන්න එක මේ සිරිලක සුලභ දසුනක්..!
ජනාධිපති කාර්යප්‍රධානි අල්ලස් දැලට කොටු උනා, ඔහුව බේරාගන්න පළමු පියවර මේ අරගෙන තියෙන්නේ. නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමෙනි , මේ තමයි අපේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාධායකය , විධායකය , අධිකරණය, ක්‍රියාත්මක වෙන හැටි. ඔබතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි. අපේ රට කොයිබටද?
කියමනක් තියනවා පාලකයෙක් පිස්සෙක් වුණත්, පිස්සෙක්, පාලකයෙක් වුණත් අති භයානකයි කියලා අපට නම් තේරෙන්නේ නැහැ. මේ දෙකෙන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔය ලැයිස්තුවට දැන් අඩු දුමින්දලා, තංගල්ලේ සම්පත්ලා, පොට්ට නව්ෆර්ලා අන්තිමට, මදුෂ්ලා විතරයි.. එයාලත් ළඟදීම එළියට එයි !
සියලුම විධායක ජනාධිපතිවරු කලේ ජනාධිපති සමාව යොදවලා හොරු, මැරයෝ නිදහස් කරපු එකයි.
එහෙනම් ඊළඟ මැතිවරණයේදී ඒ මහතාව ලැයිස්තුගත වනු නොඅනුමානයි.. අනේ කරුණාකර ඔබේ වටිනා ඡන්දය ඒ අහිංසකයාට ලබාදී පාර්ලිමේන්තුවට යවන්න ප්ලීස් ...
මිලියනස්ලා බේරන එකේ මේක මොකක්ද?
"සිරා" නීතිය...
ඕවා මොනවද මහබැංකුව හොරකලත් සැපට ඉන්නේ?
බිලියන ගණන් ගහපු අර පවුලේ කට්ටිය නිදැල්ලේ සිටිද්දී මෙය ලොකු සිදුවීමක් නොවේ.
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්.
දැන් ඉතින් කියයි මං දන්නෙත් නැතුව ජනාධිපති සමාව දීලානේ කියලා
කාටද අනේ මේවා කියන්නේ? එහෙම නම් ණය අරන් ගෙවාගන්න බැරිව ඉන්න අහිංසක ගොවියන් කොච්චර නම් ඉන්නවද?
දූෂිතයින්ට ජනපති සමාව දීමෙන් රටට වැරදි ආදර්ශයක් දෙනවා. ඒ වගේම මේක අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක්. අවුරුදු ගණන් නඩු අහලා හිරේ දැම්මට පස්සේ ජනාධිපති සමාව දෙනවා. මේ නඩු අහන්න වියදම් කරපු ජනතාවගේ බදු මුදල් ජනපති රජයට ගෙවිය යුතුයි.
එන පොට හරි නැහැ... මෙයා මේ අත්හදා බලන්නේ මරණ දඬුවම විඳින දුමින්දව එළියට දාන්නයි...
යන සිරා (යකා) කොරහත් බිඳගෙනමයි යන්න හදන්නේ...
එක එක එලියට දමල බලන්නේ රටේ විරෝධයක් එයිද කියල වගේ. මෙහෙමත් වැඩ කරන්න හොඳ නැහැ.
අනේ පව් ජනපතිතුමනි, හර දුමින්ද අයියවත් නිදහස් කන්න පව් අහිංසකයා
මට සිංදුවක් මතක් වුණා... ‘‘ අපි එකම රෑනෙ කුරුල්ලෝ... අපි එකම රෑනෙ කුරුල්ලෝ...‘‘
අර දුමින්ද සිල්වා, තංගල්ලේ සභාපති, ජූලම්පිටියේ අමරේ, වෙලේ සුදා, පොට්ට නවුෆර් ඇතුළු කට්ටියත් හතර පෝයටම සිල් ගන්න කියලා පොරොන්දුවක් අරගෙන එලියට, දමන්න ඊට පස්සේ රටේම ඉන්න වඩුවෝ ටික පරිසරය ආරක්ෂාකරගන්න ඇතුළට දමන්න.
පසුගිය අවුරුදු 2-3 කියපු කරපු දේවල් බැලුවහම මට පේන්නේ මේ මනුස්සයට බරපතල මානසික අාබාධයක් තිබෙනවා. ඉතිරි මාස 5 මෙතුමා කුමකින් කුමක් කරාවිද කියලා මට හිතාගන්නවත් බැහැ.