බිමල් ශ්‍යාමන් ජයසිංහ
වරකාපොල තැපැල් කන්තෝරුව අසල දී සාම්පූර් බලා ගමන්ගත් නාවික හමුදාවට අයත් බස් රථ 2 ක් සහ ලොරි රථයක් අද (15) මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රට රථ රියදුරු මියගොස් නාවික සෙබළුන් තිදෙනෙක් ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වරකාපොල පොලිසිය කියයි.


COMMENTS
ඇදිරි නීති කාල වකවානුව තුල වෙන්න තිබුණු රිය අනතුරු කොතරම් ප්‍රමාණයක් වැළකෙන්නට ඇත්ද? කොතරම් ජිවිත ප්‍රමාණයක් බෙරුනාද? සාමාන්‍යයෙන් දවසකට දෙන්නෙක් වත් රිය අනතුරු වලින් මැරෙනවානේ...
ඇඳිරිනීතිය ඉවත් කළ ගමන් ආයේ අනතුරු වැඩි වෙනවා. ඉක්මනට වැඩටික කරන්න ගමන් යන්න කියලා රිය පදවන්නේ වෙනදාට වඩා වේගයෙන්. අනික ඇඳිරි නීතිය තියෙද්දී මහාමාර්ගයේ වාහන අඩුවී තියෙද්දිත් රියදුරන් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අධික වේගයත් නියමිත පථයේ ගමන් නොගැනීමත්, ලංකාවේම රියදුරන්ගේ තියෙන හික්මීමක් නැතිකම තමයි මේකට හේතුව. හමුදා රියදුරන් අධික වේගයෙන් ගමන් යනවා. යුද්ධ කාලයේ නම් ඊට සාධාරණ හේතුවක් තිබුනා.එත් දැන් එහෙම කරන්න තරම් සාධාරණ හේතුවක් නැහැ. ඇඳිරිනීතිය තිබුනා නොතිබුනා වුවත් මාර්ග නීති වලට අනුව රිය පදවන්නේ නැත්තේ ඇයි ?
මේකේ වැරැද්ද තියෙන්නේ බස් එකේ කියලා පේනවා. තව ටිකක් පරෙස්සමෙන් වැඩ කරන්න ඕනේ. ලොරිය එළවලු ගෙනියන එකක්. රියදුරු පව්.
සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරමු. අනතුරෙන් මියගිය අයට නිවන් සුව ලැබේවා!!!