(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගත්තැයි මව්පියවරු පිරිසක් විරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් අද(28)විරෝධතාවයේ නිරත වූහ.
මොවුහු ඉකුත් 6 වැනිදා ද වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය අසල තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගය අයිනේ අට්ටාලයක රැඳී සිටිමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සමඟ පැවැති සාකච්ඡා හේතුවෙන් එම උපවාසය තාවකාලිකව නතර කෙරිණි. කෙසේ වුවද ඉන් විසඳුමක් නොලැබුණු නිසා තමන් මෙසේ විරෝධතාවයේ නිතර වන බව මව්පියවරු කියති.
වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහුද විරෝධතාව පැවැති ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් විසිර යැවූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ඉතා ඉක්මනින් විසදුමක් ලබා දියයුතුයි. නරකද අලුතින් තව ගොඩනැගිල්ලක් ලබාදුන්නොත් ?
කරුණාකර මේ දරුවන්ට නිසි පාසලක් ලබාදෙන්න. පළමු වාරයත් දැන් අවසන් වීමට ආසන්නයි. දරුවන්ගේ ඉගෙනීමට ඇති අයිතියට බාධා නොකරන්න.
මැදමූලනේ උදවියට කිව්වා නම් වැඩේ ගොඩනේද?