IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වීරකැටියේ මව්පියන් උද්ඝෝෂණයක

(චන්ද්‍රසේන ගමගේ)

ජාතික පාසැල් දහසේ ව්‍යාපෘතියට යෝජිතව තිබූ වීරකැටිය උඩයාල මහා විද්‍යාලය  එම ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් පාසැලේ දෙමාපියන් විසින් ආරම්භ කොට ඇති අඛන්ඩ සත්‍යග්‍රහය තෙවැනි දිනටත් අද  (14) දිනය පුරා පැවැත්විණි.

ඉකුත් 12 දින පාසැලේ සිසුන් පිරිසක් හා දෙමාපියන් පිරිසක් උඩයාල මංසන්ධියේදී විරෝධතාවයක්ද පැවැත්වූහ.අනතුරුව විද්‍යාලය ඉදිරිපිට අට්ටාලක් ගසා දෙමාපියන් විසින් අඛන්ඩ සත්‍ය ග්‍රහය ඉදිනම ආරම්භ කරනු ලැබීය.සත්‍යයක් ග්‍රහයට කාන්තාවන් තිදෙනෙකු හා ප්‍රදේශයේ තරුණයෙකුද ඊයේ දිනයේදී සහභාගි වී සිටියහ.

 තරුණයා දින තුනක් තිස්සේ ආහාර ප්‍රතික්ෂේප කරමින් විරෝධයේ යෙදෙන බව විරෝධතාවයට එක් වූවෝ පවසති.

විරෝධතා කරුවන් පවසන්නේ සියළු සුදුසු කම් සපුරා තිබියදී උඩයාල මහා විද්‍යාලය ජාතික පාසැල් ලේඛනයෙන් ඉවත් කොට ඇත්තේ දේශපාලන බලපෑම් මත බවයි.උඩයාල මහා විද්‍යාලය ජාතික පාසැල් දහසේ ව්‍යාපෘතියට ඇතුලත් කරන තෙක් තම විරෝධතාවය පවත්වන බව විරෝධතා කරුවෝ පවසති.

විරෝධතා කරුවන් හමුවට පැමිණි වීරකැටිය පොලිස් ස්ථානාධිපති වරයා පැවසුවේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විරෝධතා පවත්වනු ලැබුවොත් තමන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට සිදු වෙන බවයි.

සාමකාමීව මහජනතාව පීඩනයට ලක් නොකොට තම ඉල්ලීම් දිනා ගන්නා ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා විරෝධතා කරුවන්ට දැන්වීය.



අදහස් (5)

වීරකැටියේ මව්පියන් උද්ඝෝෂණයක

සෙනෙවිරත්න Wednesday, 14 July 2021 12:07 PM

පවුලේ ගම නේද? ඔයිට වඩා සලකන්න එපෑයෑ..,

:       0       26

Deepal Nirosh Wednesday, 14 July 2021 12:25 PM

ඒ පාර ඒ වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක් නම් කරලාවත්ද? ඉතින් පහුගිය අවුරුදු 10ක ඔය ටික කරගන්න බැරිවුණු එක තමයි පුදුමය...

:       0       16

Nilan Wednesday, 14 July 2021 12:47 PM

මොකද අප්පා මේ රට වටේ උද්ඝෝෂණ? සර්ට කරගෙන යන්න දෙන්නේ නැද්ද?

:       1       2

Sri Lanka Wednesday, 14 July 2021 01:25 PM

පොඩ්ඩක් ඔන්න ... දේශපාලකයෙක් ඇවිල්ලා දෙන්නම් කියයි... ඡන්දෙ ගන්න බලාගෙන. ජයවේවා..!!!

:       0       2

විපරමා Wednesday, 14 July 2021 03:35 PM

සෞභාග්‍යයේ දැක්ම, අපි නම් දැනගෙන හිටියා... බලලෝභි, දූෂිත පවුල් පාලනේ අය බලයට ආවට පස්සේ සිද්ද වෙන දේ... දේශපාලුවන් කවදත් කෙරුවේ ජනතාව රවට්ටපු එකනේ..

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site