(අනීෂා මානගේ)
වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් පහළොස් දෙනෙකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මවුපියන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසයේදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මව්වරුන් දෙදෙනෙකු අද (2) දහවල් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වී. ජී. ජීවන්ති සහ එච්. පී. ලක්ෂානි නම් මව්වරු දෙදෙනෙකි.
වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 15 දෙනෙකු ඇතුළත් කර නොගන්නා බව කියමින් ඉකුත් 27 වැනි දා මව්පියෝ පිරිසක් එම විද්‍යාලය ආසන්නයේ සකස් කරන ලද අට්ටාලයක නැඟ උපවාසයක් ආරම්භ කළහ.
දින හතරක කාලයක් ගෙවුනද තම ගැටළුවට විසඳුමක් නොලද හෙයින් ඔවුහු ඉකුත් 31 දින මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
මෙම උපවාසය සඳහා වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ශයේ පළමු ශ්‍රේණිය සඳහා ඉල්ලුම් කර ඇති දරුදැරියන්ගේ මව්පියෝ පිරිසක් එක්වූහ.


2025 නොවැම්බර් මස 04
324
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2140
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වීරකැටිය උපවාසයේ යෙදී සිටි මව්වරු දෙදෙනෙක් අසාධ්‍ය වී රෝහලට
Hafeel Tuesday, 02 April 2019 11:19 AM
කෝ අර දුෂණ නැතිකරන්න ආපු දකුණු පළාත් ආණ්ඩුකාර? දින හතරක කාලයක් ගෙවුනද තාම අර ආණ්ඩුකාරට මේ සුළු ප්‍රශ්නයක්වත් විසඳන්න බැරි නං. නමුත් විවෘර්ත කරන උත්සවවලදී රිබන් පටි අල්ලන්න ඔක්කොම පොරකනවා.
Raveendra Wednesday, 03 April 2019 02:06 PM
අකිල මල්ලියේ කොහේද හැංගිලා ඉන්නේ...? ටැබ් ටික රට පුරා බෙදුවද මේ හැඟෙන්නේ... දැක්කේ නැද්ද වැඩටික වීරකැටියේ අම්මලාගේ... දැන්වත් වරෙන් එලියට...