IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වීරකැටිය උපවාසයේ යෙදී සිටි පියෙක් රෝහලට

(අනීෂා මානගේ)

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14 දෙනකු ඇතුළත් කර නොගැනීමෙන් එයට විරෝධය දැක්වීම සඳහා මාරාන්තික උපවාසයේ නිරත වූ තවත් පියෙකු  අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අද (9) දහවලේ දී වීරකැටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි. 

රෝහල්ගත කළේ වීරකැටිය කුඩාබැඳිගම ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත සෙනරත් ආරච්චි (48) නම් තිදරු පියෙකි.

සුවසැරිය ගිලන් රථයකින් මොහු රෝහල්ගත කිරීමට අනෙක් මව්පියවරු පියවර ගත්හ.

මේ වන විට මාරාන්තික උපවාසයේ නිරතව සිටි පියවරු තිදෙනෙක් අසාධ්‍ය ඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කරනු ලැබ සිටිති.

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් දහහතර දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් දරුවන්ගේ පියවරු දෙදෙනා බැගින් ඉකුත් 6 වැනිදා සිට වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය අසල තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගය අයිනේ අට්ටාලයක් තුළ රැඳී සිටිමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මෙම දරුවන් 14 දෙනා වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එයට විරෝධය දක්වමින් ඉකුත් 3 වැනිදා කුඩා දරුවන් 14 දෙනා සහ මවුපියවරු පිරිසක් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේදී විරෝධතාවක නිරත වූහ.

එම විරෝධතාවලින් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් පියවරු දෙදෙනෙක් ඉකුත් 6වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.  මෙලෙස උපවාසයේ නිරත වූ දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ඉකුත් 7වැනිදා රෝහල්ගත කළ අතර මොවුන් දෙදෙනා වෙනුවට තවත් පියවරු දෙදෙනෙක් උපවාසයට සම්බන්ධ වූහ.

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ ප්‍රධාන මාර්ගය අයිනේ අට්ටාලයක් ගසාගෙන එය තුළ රැඳී සිටිමින් මාරාන්තික උපවාසයේ නිරත වන අයට දෙදෙනාට සහය පළ කරමින් තවමත් පාසලක් නොමැති දරුවන් සහ එම දරුවන්ගේ මවුපියවරු පිරිසක් රැඳි සිටිති. 

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සහ වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ට කිහිප වාරයක් තම ගැටලු ඉදිරිපත් කළද මේවන තෙක් තමන්ට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩව මාරාන්තික උපවාසයේ නිරත වන බව මවුපියවරු කියති. 

තම දරුවන් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරගන්නා තෙක් මෙම මාරාන්තික උපවාසය අත් නොහරින බව ඔවුහු පවසති.



අදහස් (2)

වීරකැටිය උපවාසයේ යෙදී සිටි පියෙක් රෝහලට

denin Monday, 10 February 2020 02:23 AM

රටේ බලගතුම උතුමන්ලා සිටින වීරකැටියෙත් ඔහොම නම් කොළඹ, ගම්පහ වගේ ප්‍රදේශවල තත්වය කොහොමද?

:       0       1

Jay Monday, 10 February 2020 03:02 AM

පාසල්වලට ළමයි ඇතුළත් කරගන්නා ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. පදිංචිය බලන එක අනිවාර්යයෙන්ම විය යුතුයි. නමුත් එයින් ඒ සඳහා සුදුසුකම් ඇති හැමෝම අසාධාරණයකට ලක් නොවිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 672 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 549 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site