(නිමල කොඩිතුවක්කු)
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාලය තුළ ව්‍යවස්ථා සංශෝධන, අර්බුධකාරී හෝ ගැටලුකාරී අණපණත් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අධ්‍යාපන ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට අද(25) පැවැසීය.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ශක්තිය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන බැවින් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු බහුතරය පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති වේ යැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු බලයක් නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයකට යාමට කිසිදු උත්සාහයක් නොමැති බවත් එවැනි සංශෝධනයක් ගෙන එන්නේ නම් එය ඉදිරි මහමැතිවරණයෙන් පසුව සලකා බලන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඊළඟ මහමැතිවරණයෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම පිළිබඳ පූර්ණ අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකන් කාරයෙක් බයිලා ගහනවා.
අධ්‍යාපන ක‍්‍රීඩා හා යෞවන කටයුතු ව්‍යවස්ථා සංශෝධන සහ අණපණත් පිළිබඳව කතා කිරීමට ඩලස් අලහප්පෙරුමට තිබෙන දැනුම සහ අධ්‍යාපන සුදුසුකම් මොනවද? මෙය ඇමරිකාවේ සිටියදී මොනවද කලේ කියලා අපි හොඳට දන්නවා. කොහොම වුණත් ගෝඨා සහ මහින්ද මහත්තයා හින්දා මේ ගොල්ලන් ගොඩ..
කැරට් 400යි. හාල් 140යි. වතුර බිලා වැඩි කරනවයි වාසු කිව්වා. MCC 70% හොඳයි ගම්මන්පිල කිව්වා... හම්බන්තොට වරාය බදුදීපුඑක 100%ක් හරි. ඒ ගැන නැවත සලකාබලන්නේ නැහැයි ගෝඨාභය කිව්වා, තෝරුමෝරු මහබැංකු හොරු අමතකයි. පාස්කු ප්‍රහාරය අමතකයි. පන්නන්නේ මෝටර් බයිසිකල් අනතුරු පස්සේ, මාස දෙකට මෙහෙම නම් කවුද හලෝ ඔයාලට මහ ඡන්දෙකදී ඔයාලට බහුතරයක් දෙන ගොන්නු... මේ පාර මහ ඡන්දෙන් බිහිවෙන්නේ මහේෂ් සේනානායකට රිමෝට් එක හම්බවෙන ප්‍රතිඵලයක්...
වෙන විදිහකට කියනවා මේ කියන්නේ නම් මැතිවරණෙන් පස්සේ ගැටලුකාරී අණපනත් ගේනවා කියන එකනේ... ඒක නම් අපි දන්නවා. එ්ත් අපට එතකොට කරන්න දෙයක් නැතිවෙයි.
මොනවද මේ කියන්නේ? මහමැතිවරණය දිනනකම් තමයි මේ ඇස් බැන්දුම කියලද? ඊට පස්සේ එන්නේ නියම හිට්ලර් සහ ඔහුගේ ආණ්ඩුව කියලද? එදාට MCCත් අත්සන් කරනවා. විදේශිකයින්ට හෝටල් හදන්න දීලා දේශීය හෝටල් කර්මාන්තය නැති කරලා දානවා. තවතව වටිනා ඉඩම් විදේශිකයින්ට විකුණනවා. පෝට් සිටි එක හින්දා කොහොමත් අපේ සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. දැන් හොරගල් අහුල අහුලා ඉන්න දේවල් ඉස්සරහට කරනවා කියලද? මේ කියන්නේ? මම අවුරුදු 5ක් තිස්සේ කියපු දේ ආපහු කියනවා. කිසිම සිංහලයෙක් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලුවේ නැහැ. ව්‍යවස්ථා සංශෝධන ඉල්ලුවේ සුළු ජාතීන් සහ දේශපාලකයන්.. ජනාධිපතිවරණය කාලේ වෙනකොට මුළු රටම MCC/SOFA/ACSA ගිවිසුමට විරුද්ධ වෙලා හිටියේ. වහල් ආණ්ඩුව ගෙදර යවන්න තිබ්බ ආසන්නම හේතුව ඒක. දැන් ජනාධිපති ඔය 4 දෙනෙක්ගේ කමිටුවක් පත්කරලා තියෙන්නේ MCC ආයතනය රනිල් එක්ක එකඟ වෙච්ච ගිවිසුම අත්සන් කරන්න. මේ ආණ්ඩුවට එක්ක MCC එක ගිවිසුමකුත් නැහැ. දැන් කරන්න හදන්නේ රනිල් නොකරපු දේ. මොනතරම් ලොකු පාවාදීමක්ද? මොනතරම් ලොකු රැවටීමක්ද? බලාගෙන ගියාම යහපාලනය ගෙදර යවලා මිනිස්සු පත් කරගෙන තියෙන්නේ "යූ-ටර්න් ජනාධිපතිවරයෙකුයි" "යූ-ටර්න් ආණ්ඩුවකුයි."
අර හිට්ලර් හොඳයි කියපු අය දැන් කොහිද? නායකයෝ පැත්තක ඉද්දි මේ කාටුන්කාර ඇමෙරිකානුවා සද්දේ දමන්නේ මොකද දන්නේ නැහැ.
මගුලක් කතාකරනවා. හාල් ගිනිගණන්... එළවලුත් ඊට දෙවැනි නැහැ. මේ දෙකම හිඟයකුත් තියනවා. ගෑස් හිඟයකදී මැරෙන්න කෑගහපු අය මේවට කෑගහන්නකෝ.. බලයට එද්දී දහසක් පොරොන්දු ... ඒත් දැන්? අනික අණපනත් ගැන මෙයා මොනවද දන්නේ? ඉදිරිපත් කළොත් පරාද වෙනවා.