(සිරංගිකා ලොකුකරවිට)
ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය අපි රට බෙදන්න යනවා කියා කෑගහනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) ගාල්ල, යක්කලමුල්ලේදී පැවසීය.
හෙතෙම එසේ පවසා සිටියේ කරාගොඩ පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අල්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
"අපි රට බෙදනවා කියා විපක්ෂය කෑ ගහනවා. ඒත් අපි එහෙම කරන්නේ නැහැ. මල්වගු අස්ගිරි මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුවයි අපි රට පාලනය කරන්නේ. බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ උපදෙස් අරගෙනයි අපි ව්‍යවස්ථාව සකස් කරන්නේ. අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලා රට පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දුන්නා. ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය රට බෙදනවා කියලා කෑ ගහනවා. ඒ බොරු වලට රැවටෙන්න එපා."
මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ බන්ධුලලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.
භික්ෂූන්වහන්සේලා 150නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණ අතර විහාරාධිපති නරාවල සිරිවිමල හිමියන්ගේ උපදෙස් මත උත්සවය සංවිධානය කර තිබිණි.






ඡායාරූප - ඉෂාන් සංජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ සිංහලයට එකක් කියලා දෙමළට තව එකක් කියලා මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉඳලා දුර්වල වෙන තැනින් වාසි ගන්නවා..
එහෙමනං සම්මත කරන්නට හංගන්නේ නැතුව රටට හෙළිකරන්නකෝ...
දේශපාලකයා යනු ශත පහකට විශ්වාසයක් තැබිය නොහැකි සත්වයෙක් බව මේ ගොයියා විසින්ම තමන්ගේම ක්‍රියාකලාපයෙන් යහමින් ඔප්පු කර ඇති අවධියක මේ මොන බයිලාද කියවන්නේ? මෙවන් " අරුමෝසම් පච " කියන්නෙත් ආගමික ස්ථානවලට පැමිණීමෙන් වීමත් කණගාටුවකි. අප මෙසේ සූත්තර පුංචාගෙන් විමසීමට කැමැත්තෙමු. ඊයේ, පෙරේදා, ලඟකදී සිට පන්සල් ,පල්ලි කෝවිල් ගානේ ලගින්නේ කිනම් අනාගත බලාපොරොත්තුවක් අරභයාද?
දැන් ලංකාවේ ප්‍රධානතම දැවෙන ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි...
ලංකාවේ විපක්ෂය සැමදාම බල්ලාට ගොස් තිබුණි. ඔවුන් සැමවිටම තමන්ගේ බල කෑදරකම සඳහා සටන් කළා මිස, රටේ ප්‍රගතිය සඳහා සාධනීය විවේචනයක් කල අය නොවේ. අගමැතිතුමා අද ඔහොම කිව්වට, ඔවුන් එදා විපක්ෂයේ සිට "ඕනේ ගොනෙකුට යුද්ධ කල හැකි බව" කිව් ආකාරය කිසි කෙනෙකුට අමතක නැති යයි සිතමි...
ජාතිය, ආගම විකුණා, රාජ්‍ය බලය පැහැර ගන්න උත්සාහ කරන තක්කඩි දේශපාලකයින් රැලක් හා, එලොවටත්, නැති, මෙලොවටත් පලක් නැති, පූජකයින් රැලක් මන්ද බුද්ධික අඥාන ජනතාව නොමග යවමින් කරන රංගනය කවදා හෝ කෙලවර වන්නේ, රට හා ජාතියේම විනාශයෙන් බව වැටහුණු දිනක, ඒ රට හෝ ජාතිය මේ මිහිතලය මත සටහන් නොවනු ඇත. එවැනි අමනයින්ට මේ මිහිතලය මත සදා පැවැත්මක් හිමි නොවනු ඇත...
ලංකාවේ මහජන මතය ගොඩ නඟන්නේ ජනමාධ්‍ය ආයතන මඟින් බව මෙහි දක්වා ඇති අදහස් වලින් හොඳහැටි පෙනෙන දෙයක් බවයි කිව යුත්තේ. 2015 සම්මුති ආණ්ඩුව බලයට පැමිණියේ නව ව්‍යවස්ථාවක් අනුමත කර ගන්නවා යන පොරොන්දුව මතයි. මෙම පොරොන්දුව පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේද පුර්ණ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව දැන් ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය සහ විපක්ෂයේ සමහර පිරිස් විසින් ආණ්ඩුව අපකීර්තියට ලක් කිරීම සඳහා පාපන්දුවක් ලෙසට යොදාගෙන කටයුතු කරන බව කිව යුතුයි.
මේ රටේ එක් ජාතියකයට හෝ පළාතකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න තරම් ප්‍රශ්නයක් නැත. පොදුවෙන් සියලු ජනයාට බලපාන්න පරිපාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, ප්‍රවාහන, ජීවන වියදම් ප්‍රශ්නවල් තියනවා. බලය බෙදාහරිනවයි කියමින් සිදුවුනේ දේශපාලකයන්ට අසීමිත බලතලයි, වරප්‍රසාදයි ලැබනවා. ඕවා තමයි පළාත් සභාවලටත් වුනේ..
අලුත් ව්‍යවස්ථාවක් නැත දැක්කේ විපක්ෂය. ගෙදර කුඹුර නැත දැක්කේ සැමවිටම... බලය ලැබේනම් කුඹුරත් දෙමේ අදේටම... දැන් පන්සල් යනවා පුටුවේ " හිටගන්නටම "...
අගමැති කියන කතාව ඇත්ත...
ඒ පාර කොලේ වහලද ගහන්න යන්නේ? අායෙත් මැතිවරණ ලෝක වාර්තාවක් තියන්නද යන්නේ?
ඔබගේ අගය තේරුම් ගැනීමට වහල් මානසිකත්වයෙන් ජීවත්වන බත් කන ගවයන්ට චිරාත් කාලයක් ගතවනු ඇත.
මෙයාලා 2015 කිවේ දුෂණයෙන් තොර යහපාලනයක් ගෙනෙනවා කියලා . එහෙම කියල ඇවිත් පළමු මාස 3 ඇතුළතම මහබැංකුව කොල්ල කෑවා. ජිනිවා ගිහිල්ල අපේ රට පවා දීලා අාවා , චීනෙට බැන බැන ඉදල අද චිනෙන්ම ණය ගන්නවා , පාරවල් හදන්නේ රත්රන් වලින්ද ඇහුව ඒ වුණාට අද පාරවල් වලට ගෙවන්නේ එදාටත් වඩා වැඩි මිලක් , ඡන්ද නොතිය කල්මරමින් අවුරුදු 3 ගියා. දැන් පාටලී කියනවා ගංගා වලින් ඇවිත් ගාලු මුවදොර පිරුණු වැලිගොඩ දමල කල ගොඩකිරීම ඉතාම වටිනා එකක්ලු. මේ ගොයියලම 2015 කිවුවේ පරිසර හානියක් කියල . එහෙම කියල එක නවත්තල චීනුන්ට ඩොලර් මිලියන 118 ක වන්දිත් ගෙවුවා. ඒ නිසා මේ ගොයිය අද කියන්නෙත් එකක් කරන්නේ වෙන එකක් කියල බොහොම පැහැදිලි.
අම්මෝ ඔව්... එහෙම දෙයක් හිතන්නෙවත් නැතිව ඇති. බෙදන්න පුළුවන් නම් මේ දැන්ම බෙදන්න හරිම කැමතියි මෙයා. මිනිස්සු කෑගහන හින්දා තමයි අකුළාගත්තේ... ඒත් තව ටික දවසකින් ආයෙත් රට බෙදන සමාරම්භක වැඩසටහනක් පටන් ගනියි.
ඒ සුත්තර පුංචා තනිකර කෙලින්නේ පිස්සු.. උඩින් මිතුරු යටින් හතුරු... රට රවටනවානේ පුස්සෝ..
ගණන්ගන්න එපා අගමැතිතුමා. කොරහේ කිඹුල්ලු දකින මිනිස්සු අපේ රටේ ඉන්නේ...
ව්‍යවස්තාව අනුමත කිරීම මහජනයාට බාරදෙන්න, නැත්නම් පාරට බහිනවා. මේක මහජනයාගේ රට, මේක බල ලෝභී දේශපාලකයන්ගේ රටක් නෙමේ. මේක අනුමතකරන්න ඕනේ ඇමතිවරුන් නෙමේ...
දකින්න පෙන්නන්න එපැයි. අක්ක පෙන්නලා නංගිව දුන්නා වගේ වැඩක්නේද කරන්න යන්නේ?
මහා බැංකු හොරෙක් රටකට ව්‍යවස්ථාවක් හදන්නේ රටට හොරයක් කරන්න කියන එක මහාජනතාව දන්නවා...
බොහොම හොඳ කතාවක් අගමැතිතුමා... බලය බෙදා සංධීය ආණ්ඩුක්‍රම ගෙනඒමට මේක හොඳම අවස්ථාවක්...