(යොහාන් භාසුර)

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9000 කට අධික තොගයක් සහ සැකකරුවෙක් මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ ශ්‍රී ලංකාව නාවික හමුදාව සහ මන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170 ක් මෙහිදී අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් නාවික හමුදාව පවසයි.

සැකකරු සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදීමට නියමිතය.