(අංජුල මහීක වීරරත්න)
වයඹ පළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් උත්සවය මුළුමණින්ම කඩාකප්පල් කිරීම සඳහා කළ ඒවා බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා මගින් රජයට දැනුම් දී තිබේ.
වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව, සැලසුම්සහගතව කෙරී ඇති බවත් ඉහත ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවත් රජයට ඉදිරිපත් කළ බුද්ධි අංශ වාර්තාවේ සඳහන්වේ.
සිද්ධියට අදාළ බුද්ධි වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ(14) බාර දුන්නේය.
පාස්කු ප්‍රහාරයෙන් සති 3 ක් ගතවී තිබියදී වෙසක් සතියේම ඉහත සිද්ධීන් ඇති කිරීම මගින් වෙසක් උත්සවය කඩකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව ඉහත බුද්ධි අංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අයිඑස් සංවිධානයේ මරාගෙන මැරුණු කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ බිරිඳකගේ ගම වන හෙට්ටිපොළ ප්‍රදේශයේ කඩාකප්පල්කාරී සිද්ධීන් ඇති කර ඇත්තේ ඉතා හොඳින් සංවිධානය වී බවද රාජ්‍ය බුද්ධි වාර්තාවේ සඳහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) දහවල් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමඟ රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වයඹ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් කඩාකප්පල්කිරීමට කළ දෙයක්’