IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට මන්නපහරක්

(ඉන්දිකා රාමනායක)

පිටකොටුව හෙට්ටිවීදියේ රන්බඩු හළක හිමිකරුවෙක් අද (15) පෙරවරුවේ මන්නා පිහියක්  රැගෙන  තවත් රන්බඩු හළකට කඩා වැදී එහි හිමිකරුට මන්නා පහර දී බරපතල  තුවාල  සිදුකර ඇති බව පොලිසිය කියයි.

එම සිද්ධියෙන් බරපතල කැපුම් තුවාල ලැබු    ව්‍යාපාරිකයා    කොළඹ ජාතික රෝහලේ  දැඩි සත්කාර  ඒකකයේ  ප්‍රතිකාර ලබන බවද  පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල කළ සැකකාර   ව්‍යාපාරිකයා   ලේ ගලන මන්නා පිහිය ද  රැගෙන   දෙනෝ දහක් දෙනා බලා සිටියදී පිටකොටුව පොලිසිය වෙත පැමිණ බාර වී ඇත.

තුවාල ලැබු   ව්‍යාපාරිකයා සහ    සැකකාර ව්‍යාපාරිකයා  කෝටිපති  ව්‍යාපාරිකයන් බවත්, ඔවුන් කලක සිට මිතුරන් සිට ඇති    ඔවුන්  දෙදෙනා කිසියම් ප්‍රශ්නයක් මුල කරගෙන දෙදෙනා විරසක වී ඇති බවද පොලිසිය පවසයි.

අද   පෙරවරු 10.20 ට පමණ සැකකාර ව්‍යාපාරිකයා   අඩි  2 1/2 පමණ  මන්නා පිහියක්  ගමන් මල්ලක  දමාගෙන ඉහත ව්‍යාපාරිකයාගේ  රන් බඩු හල වෙත ගොස්  එහිදී  එහි සිටි   එම ව්‍යාපාරිකයාට  මන්නා පිහිපහර එල්ල කර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය වන  අවස්ථාවේ   එම වෙළෙඳ සැලේ  සේවකයින් සිව් දෙනකු හා   රන් බඩු මිළ දී ගැනීමට කාන්තාවක් ද සිට ඇති අතර ඔවුන් සියලු දෙනා   කෑ ගසාගෙන   එම වෙළඳ සැළින්  එළියට දුවගොස් ඇති බවද    පොලිසිය සඳහන් කරයි.

රන් බඩු හල්වල පිරිස්    හා අවට පිරිස්    බලා  සිටියදී සැකකාර ව්‍යාපාරිකයා මන්නා පිහියක් රැගෙන එම වෙළෙඳ සැළින් පිටතට පැමිණ   ත්‍රිරෝද රථයක ගොඩවී    පොලිසියට වෙත පැමිණ ඇත.  

එම ව්‍යාපාරිකයාගේ අතකට, හිසට   බරපතල තුවාල සිදුව තිබු බවද පොලිසිය කියයි.

සැකකාර ව්‍යාපාරිකයා ද  කොටහේන ප්‍රදේශයේ පදිංචි (43)  හැවිරිදි   පුද්ගලයෙකි.

මෙම සිද්ධිය දකුණු ඉන්දියාවේ  දෙමළ චිත්‍රපටයක දර්ශන  මැවෙන ආකාරයෙන්  වෙළෙඳ සැලේ සී සී ටී වී කැමරාවල  සියල්ල පටිගත වී තිබු බවද පොලිසිය කියයි

සැකකරු අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට මන්නපහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site