IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යාපාරිකයෙක් ගාල්ල මහ නගර සභාවෙන් රුපියල් කෝටි 15 වන්දියක් ඉල්ලයි

ඩී.ජී.සුගතපාල

නගර සභාව විසින් ටෙන්ඩර් කිරිමෙන් පසු වසර තිහක බදු පදනම මත ලබාගත් ඉඩමක් නගර සභාවට අයත් නොමැති එකක් බවට අනාවරණය වි ඇති බැවින් තමාට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් පහළොස් කෝටියක වන්දියක් ඉල්ලා ගාල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් ගාල්ල මහ නගර සභාවට එන්තර වාසියක් යවා තිබේ.

ව්‍යාපාරිකයා ස්වකිය නිතිඥ ප්‍රසිත වල්ගම මහතා මගින් යවන ලද එන්තරවාසියෙන් කියා සිටින්නේ 2015 ඔක්තෝබර් මස 01වනදින නගර සභාවට අයත්යයි කියනු ලැබු අංක 3 කඩවිදිය කොට්ඨාසයෙහි පිහිටි රන්ජන් ගොඩැල්ල නමැති ඉඩම වසර 30ක කාලයක් සඳහා බදු ගැනිමට බදු ගිවිසුමකට එළඹුණ බවයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ 70ක මුදලක් ගිවිසුම අත්සන් කල අවස්ථාවේ නගර සභාවට ගෙවු බවත් මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකොට එහි ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම අරමුණවු බවත් වසර දෙකක් තුල ගොඩනැගිල්ල ඉදිකොට අවසන් කිරිමට ගොඩනැගිලි සැළැස්මක් ඉදිරිපත් කර එයට නගර සභාවේ අවසරය ලබාගත් බවත් ව්‍යාපාරිකයා කියා සිටි.

එහෙත් එම ඉඩම නගර සභාවට නොව රජයට අයත් ඉඩමක් බවට තොරතුරු හෙලිවි ඇති අතර පසුව නගර සභාව විසින්ද එය පිළිගෙන ඇති බවත් ඒ අනුව සභාවට අයත් නොවු ඉඩමක් බදුදි රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ මුදලක් ලබා ගැනීමෙන් සහ එම ගිවිසුම මත ඉදි කිරිමට සැළසුම් කර තිබු ගොඩනැගිල්ල ඉදිකිරිමට නොහැකිවිමෙන්ද මේ දක්වා රුපියල් පහළොස් කෝටියක පමණ අලාභයක් සිදුව ඇති බවත් ව්‍යාපාරිකයා ස්වකිය නිතිඥවරයා මගින් දන්වා තිබේ.

වසර 30ක බදු කාල සිමාවකට ගිවිසුම් ගත වුවද මේවනවිට එම කාල සිමාවෙන් වසර පහක් දැනටමත් ගතවි ඇති බවද සභාවේ නොසැළකිල්ල මත ගොඩනැගිල්ල ඉදි කිරිම දිනෙන් දින ප්‍රමාද වන බවද එම ප්‍රමාදය නිසා දිනකට රුපියල් ලක්ෂ පහක අලාබයක් සිදුවන බවද එනිසා සිදුව ඇති අලාබය වෙනුවෙන් රුපියල් පහළොස් කෝටියක වන්දියක් ලබාදෙන ලෙසද ව්‍යාපාරිකයා ඉල්ලා සිටි.

එයට අමතරව සභාවට නීත්‍යානුකුල අයිතියක් නොමැති ඉඩමක් බාහිර පාර්ශවයකට බදු දිමේ නෛතික හැකියාවක් නොමැතිවිම සහ විෂයගත ඉඩම බදු දිමට බලයක් නැතිව තිබියදි එසේ බදු දිම සාපරාධි වරදක් බවද ඒ සම්බන්ධයෙන්ද ඉදිරි කාලයේ නගර සභාවට එරෙහිව නිතිමය පියවර ගත්නා බවද ව්‍යාපාරිකයා ස්වකිය නිතිඥවරයා මගින් වැඩි දුරටත් නගර සභාව වෙත දන්වා තිබේ.



අදහස් (3)

ව්‍යාපාරිකයෙක් ගාල්ල මහ නගර සභාවෙන් රුපියල් කෝටි 15 වන්දියක් ඉල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 May 2020 10:22 AM

ඔන්න.. තමුන්ට අයිති නැති දෙයක් බදුදීලා.. එක්තරා මහා නගර සභාවක් ඉල්ලගෙනම කන්න හදනා අපූරුව...

:       0       105

අප්පුහාමිThursday, 28 May 2020 12:28 PM

මෙම කාරණයේදී එම කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ වරියත් රජයේ ඉඩමක් අන්සතුවීම නොසලකා තමාට අයත් රාජකාරිය කිරීමේදී නොසැලකිල්ල හා අනවධානයෙන් කටයුතු කිරීමෙන් ආයතන සංග්‍රහයට අනුව දැඩි වරදක් කර තිබෙන බවක් පෙනේ.

:       0       10

lanka Thursday, 28 May 2020 11:09 AM

නගර සභාවේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්... ඔය කෝටි 15න් 10ක් ජනතා මුදලින් සහ ඉතුරු 5 නගර සභා මන්ත්‍රී සහ සේවකයන්ගේ පුද්ගලික මුදලින් ගෙව්වොත් තමයි වඩා හොඳ... මොකද එම සේවකයන් වගකීමක් නැතුව වැඩ කරනවට දඬුවමක් තිබිය යුතුයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site