IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ව්‍යාපෘතිය අවලංගු කළේ කෝටි 236ක් වියදම් කළාට පස්සේ

(දයාසීලි ලියනගේ)

කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කරනවිටත්, එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2364ක මුදලක් වැය කර තිබූ බව රජයේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

ජයිකා අරමුදලින් රුපියල් මිලියන 1791ක්ද, භාණ්ඩාගාර ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 573ක්ද, මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කර තිබිණි.

ඉඩම් අත්පත් කරගැනීම, පරිසර ක්‍රියාකාරකම්, උපයෝගීතා විචලතාවය, පාර්ලිමේන්තු පනතක් සම්මත කරගැනීම, ව්‍යාපෘති කළමනාකාර ඒකකය පිහිටුවීම, ව්‍යාපෘතිය සැලසුම් කිරීම, ඉදිකිරීම අධීක්ෂණය සඳහා ප්‍රසම්පාදන සහයෝගය ලබාගැනීම සහ කාර්යභාරයන් සඳහා එම මුදල වියදම් කර ඇති බවද, ජාතික විගණන කාර්යාලය 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත.



අදහස් (19)

ව්‍යාපෘතිය අවලංගු කළේ කෝටි 236ක් වියදම් කළාට පස්සේ

sachith Wednesday, 27 January 2021 11:56 AM

මෙයාලගේ අලුත්ම ක්‍රමය තමයි ව්‍යාපෘති නවතලා ඒකෙන් සල්ලි ගරන එක.

:       5       63

janabala asamagiThursday, 28 January 2021 04:28 AM

එය නිර්මාතෘ වරුන් එජාපයේ කටුනායක අධිවේගය, ශ්‍රී ලංකන් ගුවන් යානා අවලංගු කිරීම... මේ අයත් ඔවුන් අනුගමනය කරනවා.

:       4       50

samanThursday, 28 January 2021 05:42 AM

කෝටි 44000 නැත්නම් ඩොලර් බිලියන් 2.2 වියදම් කරලා 18km දිග දුම්රිය මාර්ගයක් හැදුවාම ණය ගෙවන්න විතරක් බැලුවත් ටිකට් එකක් කීයකට දෙන්න වෙයිද? ඒ ගාණට කීදෙනෙක් ටිකට් ගනියිද?

:       8       6

එරන්ද Thursday, 28 January 2021 06:41 AM

හ්ම්... යහපාලකයෝ ආපු ගමන් වරාය නගරයටත් ඒ දේම කළානේ..

:       8       30

fairoos Wednesday, 27 January 2021 01:16 PM

අයියෝ අපේ සල්ලි...!!! 

:       1       39

Rata Perata Wednesday, 27 January 2021 01:21 PM

මේ තවත් එක මෝඩ වැඩක්...

:       3       37

ලසිත් Thursday, 28 January 2021 10:43 AM

මේ අගනා ව්‍යාපෘතිය නවත්තන්න තිබ්බ එඩිතරකම නැගෙනහිර ජැටියට නැත.

:       0       3

cheena Wednesday, 27 January 2021 01:23 PM

ඉන්දියාව කෝවිඩ් එන්නත දෙනවිට චීනත් නිකන් දෙනවලු... නමුත් අපේ කෝවිඩ් නිසා මාස්ක් සඳහා පමණක් කොතරම් මුදලක් චීනයට දීලා තියෙනවද කියලා ගණන් බැලුවද?

:       6       34

taro JAPAN Wednesday, 27 January 2021 01:41 PM

තනිකරම මී හරක් වැඩක්...

:       4       40

de silva Wednesday, 27 January 2021 02:11 PM

සැහැල්ලු දුම්රිය කුමටද? අපේ නායකයෝ යන්නේ ප්‍රාඩෝවල...

:       3       38

De Wednesday, 27 January 2021 03:30 PM

රෙස්පෙක්ට් සර්...

:       0       4

Dewa Wednesday, 27 January 2021 03:44 PM

අනේ මෙහෙමත් මෝඩ පිරිසක්...

:       0       4

ලුම්බිණි Wednesday, 27 January 2021 11:17 PM

මේ ව්‍යාපෘතිය නවතපු එක නම් හෙන ගහන අපරාධයක්. මහා බැංකුව කොල්ල කාලා කියලා උඩ පැනපු අය මේ නාස්ති ගැන කතා නැහැ.

:       3       5

bandaThursday, 28 January 2021 09:22 AM

මහ බැංකුව හොරාකාපු කෙනෙක් නැහැ නේද? ඉන්නවා නම් අල්ලන්න එපෑයෑ.

:       1       6

මුණසිංහ Thursday, 28 January 2021 02:28 AM

කෝටි 236 ක්? අපි හිතාගෙන හිටියේ මේකට තාම සතයක්වත් වියදම් කරල නැහැ කියලා. එහෙම වියදම් කරලා තිබුණු ලකුණක්වත් තිබුනේ නැහැ. ලීෆ්ලට් වගයක් නම් ගහලා තිබුණා. අත්පත් කරගත් ඉඩම් මොනවද? කොහෙද තියෙන්නේ? ඒවාට මොනවද කරන්නේ? අපි සාමාන්‍ය ජනතාව...

:       2       7

Pasindu Thursday, 28 January 2021 04:13 AM

ලැජ්ජයි දුන්නු ඡන්දය ගැන...

:       1       9

sharm warnMonday, 01 February 2021 06:05 AM

සතුටුයි ඔබේ අවංකකම ගැන...

:       0       0

kamal Thursday, 28 January 2021 05:38 AM

අයියෝ ඕක මොකක්ද? මිලියන 2364, මිලියන 69යෙන් බෙදුවාම... එක්කෙනෙකුගේ පාඩුව රුපියල් 34.26යි

:       68       7

sharm warnMonday, 01 February 2021 06:06 AM

හරියට හරි... පුන්නක්කු කන අය හිතන්නේ ඔය තාලෙටම තමයි. ඒ අයට කිසිම ගාණක් නැහැ ලොක්කෝ හොරා කෑවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site