IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වේයන්ගොඩදී අයිස්ක්‍රීම් ලොරියක් කොල්ල කෑවැයි දෙදෙනෙක් දැලේ

(ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ දී අයිස් ක්‍රීම් ලොරියක් නවතා එහි තිබූ රුපියල් පනස් හය දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ල කා ගෙන ගොස් තිබූ කොල්ලකරුවන් දෙදෙනෙකු  අද (20) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය.

කළගෙඩිහේන වේයන්ගොඩ මාර්ගයේ කළගෙඩිහේන දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ අයිස් ක්‍රීම් ලොරියක් පෙරේදා (19) පස්වරුවේ දඩගමුව ප්‍රදේශයේ දී පිටුපසින් පැමිණි ලොරියක් ඉස්සර කර මග හරස් කර නවතා කොල්ල කරුවන් දෙදෙනෙකු අයිස් ක්‍රීම් ලොරියේ සිටි අයෙකු ළග තිබූ රුපියල් පනස් හය දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ල කා ගෙන පලා ගොස් තිබිණ.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන  යද්දී ලද තොරතුරකට අනුව ඊයේ (20) පස්වරුවේ යක්කල ප්‍රදේශයේ දී කොල්ල කරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය කීය.

මොවුන් ගෙන්  එක් අයෙකු යක්කල ප්‍රදේශයේත් අනෙක් කොල්ල කරු වරකාපොල ප්‍රදේශයේ බවත් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවත් මොවුන් ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ල කා ගෙන ගොස් තිබූ ජංගම දුරකථනය සොයා ගත් නමුත් මුදල් සහ කොල්ලයට යොදා ගන්නා ලද ලොරිය සොයා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යන බවද කියා සිටියේය.

අයිස් ක්‍රීම් ලොරිය ඉදිරියට පදවා ගෙන යද්දී කොල්ලකරුවන් දෙදෙනා පිටුපසින් ලොරියකින් පැමිණ ඉස්සර කර නවතා අයිස් ක්‍රීම් ලොරිය ඔවුන්ගේ ලොරියේ හප්පා පැමිණි බවට අවට සිටි ජනයා නොමග යැවීම සඳහා බොරු රගපෑමක් කර මුදල් හා ජංගම දුරකථනය කොල්ලකා ගෙන ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න, උප පොලිස් පරීක්ෂක වරුන් වන එච් ආර් ඇන් පද්මසිරි හා වීරසිංහ යන මහත්වරු ප්‍රමූඛ පොලිස් නිලධාරීහු පිරිසක් කොල්ලකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට සහභාගි වූහ.



අදහස් (0)

වේයන්ගොඩදී අයිස්ක්‍රීම් ලොරියක් කොල්ල කෑවැයි දෙදෙනෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site