IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ව්‍යාජ ලේඛන පෙන්වා ප්‍රංශයට යෑමට තැත්කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් මාලදිවයින වෙත යන බව හඟවා ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු අද (27) කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 31 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෙම පුද්ගලයා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් එතැන් සිට ප්‍රංශය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමෙන් පසු ආගමන විගමන අංශය වෙත පැමිණෙමින් සිටි මෙම තරුණයාගේ සැකකටයුතු ඉරියව් නිරීක්ෂණය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා ඔහු විගමන කවුළුව වෙත යෑමට පෙර නවතා ඔහු සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී ඒවායේ  තිබූ  වෙනස්කම් කීපයක් හඳුනා ගැනීමට එම නිලධාරීහු සමත් වූහ.

මෙම පුද්ගලයා ගුවන් ගමන් බලපත්‍රය මතු පිටින් ඔහුගේ ජායාරූපය අලවා  ආගමන විගමන නිලධාරීන් නොමග යැවීම සඳහා ව්‍යාජ ලෙස සකස් කර ඇති බව එම ඒකකයේ ස්කෑන් පරීක්ෂණ මගින් හෙළිදරව් කර ගනු ලැබීය.

ඔහුගේ කලිසම් සාක්කුවක කටුනායක සිට මාලදිවයින දක්වා ගමන් කළ හැකි ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සමඟ ව්‍යාජ ලෙස සකස් කළ මාලදිවයින දක්වා ගමන් කිරීමට යොදා ගැනීමට සූදානම් කළ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද සොයා ගැනීමට  ආගමන විගමන නිලධාරීහු සමත් වූහ.

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයෙකු වෙත ප්‍රංශය ඔස්සේ ස්පාඤ්ඤය වෙත යෑම සඳහා නීත්‍යානුකූලව නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රසායනික ද්‍රව්‍ය මගින් සෝදා යළි ඒ මත මෙම තරුණයාගේ තොරතුරු මුද්‍රණය කළ ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන්ට හැකි විය.

මෙම තරුණයා මුලින්ම මාලදිවයින වෙත යන බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශ කර පසුව ගුවන් තොටුපළ තුළ මද දුරක් ගොස් ශ්‍රී ලන්කන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ට තමන් ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යන බව පවසා අදාළ එමිරේට්ස් ගුවන් යානය වෙත පිවිසීම ඔහුගේ උත්සාහය වී තිබුණි.



අදහස් (2)

ව්‍යාජ ලේඛන පෙන්වා ප්‍රංශයට යෑමට තැත්කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට

chandima Tuesday, 27 August 2019 09:23 PM

දැන් ඔය මන්ත්රිලා, හිටපු මන්ත්රිලා, හෙන්චයියෝ, එහෙම හොර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර අරන් රට යද්දී, ඔය වගේ සැකකටයුතු ඉරියව් නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැතිද?

:       0       7

Amila Wednesday, 28 August 2019 07:24 AM

තුන්මුල්ලේ හාදයාට ගුවන්ගමන් බලපත්‍ර දෙකක් තිබිලාත් හොදට සැලකුවා. මේ පොඩි මනුස්සයෙක් නිසා නීතිය ක්‍රියාත්මක වෙනවා. වැඩේ කියන්නේ තමන්ගේ ආන්ඩුවක් නොවීත් හාමුගේ පිහිටෙන් නීතියෙන් බේරීම..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 185 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1046 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site