IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ව්‍යාජ රන් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි)
 
රනින් සකසා ඇතැයි පවසා  ව්‍යාජව සකස් කල (මරංචි) බෝල තොගයක් ගැණුම්කරුවන් රවටා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් හය දෙනෙකු සමගින් එම ව්‍යාජ රන්  සැකසීමට උපයෝගී කරගත් උපකරණ අද (12)  අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන  අංශය පවසයි.
 
තමන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවා ලබා ගත් රන් තොගයක් ව්‍යාජ රන්  බව පවසමින් පුද්ගලයෙකු විසින් නවගමුව පොලිසියට සිදු කළ පැමිනිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
 
මෙලෙස  ව්‍යාජ රන් බෝල අලෙවි කිරීමේ නිරත වූ ජාවාරමේ ප‍්‍රධාන සැකකරු බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ සැකසුම් බලපත‍්‍ර හිමි පුද්ගලයෙකු ගේද සහය ඇති දෙහිඅත්තකණ්ඩිය පොලොන්නරුව හා අතුරුගිරිය ප‍්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකුගේද සහය ඇතිව මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් එම සැකකරුවන් සියලු දෙනා පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
 
දෙහිඅත්තකණ්ඩිය මඩකළපුව පොතුවිල් ආදී ප‍්‍රදේශ රැසක පුද්ගලයින් වෙත මෙලෙස  ව්‍යාජ රන් (මරංචි)  විකිණීම සිදු කළ බව සැකකරුවන්ගෙන් සිදු කළ  ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


 



අදහස් (0)

ව්‍යාජ රන් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site