(චමිල් රූපසිංහ)
වංචනික ලෙස පුද්ගලයින් රවටා ඩොලර් මිලියනයනයක් ලෙස මුද්‍රිත ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් වෙනත් පුද්ගලයකුට මුදලට විකිණිමට ගිය පුද්ගලයින් දහ අට දෙනා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් මහනුවර අම්පිටියේදී අත් අඩංගුවට ගෙන අද (13) අදිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුනාමලය, පුත්තලම, කන්තලේ, ඇල්පිටිය, කොළඹ, රාගම, ගනේමුල්ල, වවුනියාව, වාකරේ,හොරෙවුපතාන, ආදි ප්‍රෙද්ශවල පදිංචි කරුවන් වන බවත් මොවුන් කල්ලි 3 කට බෙදි මෙම ජාවරමේ යෙදෙන බව පොලිස් පරික්ෂන වලදි තහවුරු වි ඇත.
මහනුවර කොට්ඨාස දූෂණ මර්ධණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජී එම් උපතිස්ස මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදවා එම මුදල් මුදලට ලබාගැනීම සඳහා අම්පිටිය මි කණුව හෝටලය අසලට ගොස් ඊයේ (12) දින මෙම වංචනික පුද්ගලයින් 18 දෙනා අත් අඩංගුවට ගැනිමට හැකිව තිබේ.
අත් අඩංගුවට ගැනිමේදි ඇමරිකානු ඩොලර් මිලියන 1 ක් ලෙස මුද්‍රත ව්‍යාජ මුදල් නෝට්ටු 3 ක් තිබි ඇති අතර එම මුදල් වල ටැග් හා සහිතක ප්‍රත්‍රයක්ද තිබුණු බව පොලිසිය සදහන් කරයි.
මෙම කණ්ඩායම් තුනෙහි සාමාජිකයින් හට මෙම මුදල් ලැබුණු අන්දම හා මෙම මුදල් තවත් පුද්ගලයින්ට අලෙවි කිරිම සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු මහනුවර කොට්ඨාස දූෂණ මර්ධණ අංශයේ නිලධාරින් විසින් සිදු කරනු ලබන බවත් අත් අඩංගුවට ගත් සැකකරුවන් 18 දෙනා සහ එම මුදල් අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු සැකකරුවන් ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මොවුන්ට මෙම මුදල් ලැබුණු අයුරු පිළිබඳව පරීක්ෂණ සිදු කෙරන බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය හා මහ බැංකුවේ සහය මේ සඳහා ලබා ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය


COMMENTS
අනේ මෙහෙමත් මෝඩයෝ ටිකක්. $1,000,000 නෝට්ටු ඇමෙරිකාවේ නැති බව දන්නේ නැත්ද? දැනට තිබෙන ලොකුම නෝට්ටුව US$100.
මේ නෝට්ටු රංගෙව ගන්නට භාවිතා කළා නම් හරි...
ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ භාවිතා වන ඉහළම මුදල් නෝට්ටුව ඩොලර් 100... දැන් තියෙන ඩොලර් 100 භාවිතා වන්නේ 2013 වසරේ සිට. ඒ ඇරෙන්න අතීතයේ ඩොලර් 500, 1000,10000 වගේ නෝට්ටු ප්‍රින්ට් කරලා තිබ්බත්, දැන් දශක ගානක් තිස්සේ එ්වා භාවිතයේ නැහැ. සිම්බාබ්වේ කියන රටේ නම් ට්‍රිලියන 100 නෝට්ටු ප්‍රින්ට් කරලා තියෙනවා, හැබැයි ඒ රටේ තියෙන මුදලේ අගය අඩු නිසා ඒ නෝට්ටුව රුපියල් 100ක් වගේ තමයි වටිනාකම...
ඊබේ එකේ තියෙන්නේ මේවගේ නෝට්ටු සහතිකෙත් එක්කම...