IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විමර්ශන තිබියදී උසස්වීමක් දුන්නැයි ගුරු සංගමයෙන් පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ)  

බම්බලපිටිය රාමනාදන් විදුහලේ හිටපු විදුහල්පතිනියට එරෙහිව රාජ්‍ය සේවා කොමිසමෙන් හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් විමර්ශන ආරම්භ වී තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙමළ මාධ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ඇය පත්කර ඇතැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන සේවා කමිටුවට පැමිණිල්ලක් කර ඇත.

පාසලට ළමයින් ඇතුලත් කරගැනීමේදී මුදල් ලබාගැනීමේ සිදුවීමක් ඇතුලු චෝදනා කීපයක් මත හිටපු විදුහල්පතිනි කෝදෙයි නගුලරාජා මහත්මියට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි ද එවැනි පසුබිමක ඇයට අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරක් ලබාදීම නීතියටත් සදාචාරයටත් අනුකූල නැතැයි කියමින් ලංකා ගුරු සංගමය මෙම පැමිණිල්ල කර ඇත.

විනය චෝදනා මත චෝදනා පත්‍රයක් ලබා දී මූලික විමර්ශනයක් කර ඇති අවස්ථාවක මෙවැනි තනතුරක් දිය නොහැකි යැයි ද එය ආයතන සංග්‍රහය උල්ලංඝනය කිරීමකැයි ද ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.සලාහුදීන් මහතා ‘ලංකාදීප’ යට පැවැසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය නිරන්තරයෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ උපදෙස් මත ක්‍රියා කරන බවත් වැඩ තහනම් කර නොමැති අවස්ථාවක චෝදනා එල්ල වී ඇති රාජ්‍ය නිලධාරියකු වෙනත් තනතුරක පිහිටුවා වැඩක් ගැනීම වරදක් නොවන බවත්ය.

රාජ්‍ය සේවා කොමිසමෙන් කළ විමසීමේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසුවේ කොමිසම වෙත ඒ ගැන තවමත් කරුණු වාර්තා නොමැති බැවින් ඒ ගැන සොයා බලන බවයි.  

 



අදහස් (1)

විමර්ශන තිබියදී උසස්වීමක් දුන්නැයි ගුරු සංගමයෙන් පැමිණිල්ලක්

Asanga Thursday, 13 February 2020 01:36 AM

රටේ නීතිය බල්ලට ගිහින්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site