අජිත්ලාල් ශාන්තඋදය
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවල නිරතව සිටිමින් වෙනත් විද්‍යාලයක ඉංග‍්‍රීසි විෂය සඳහා පෙනි සිටි විභාග අපේක්‍ෂකයකුට ජංගම දුරකතනයක් භාවිතා කරමින් කෙටි පණිවිඩ මගින් පිළිතුරු යැවූ බවට සැකපිට විභාග රාජකාරියේ නිරත ගුරුවරික අත්අඩංගුවට ගත් බව බළන්ගොඩ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බළන්ගොඩ දෙමළ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කළ පාසල් ගුරුවරියකි.
මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පෙර ගුරුවරිය විසින් ජංගම දුරකතනයට එවන ලද කෙටි පණිවිඩ භාවිතා කරමින් ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියු 19 හැවිරිදි විභාග අපේක්‍ෂකයා බළන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු බළන්ගොඩ ජාතික පාසලක විභාග මධ්‍යස්ථානයේ විභාගය ලියූ අපේක්‍ෂකයෙකි.
අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරිය කෙටි පණිවිඩ යැවූ දැනට අත්අඩංගුවේ පසුවන විභාග අපේක්‍ෂකයාට උපකාර පන්තියක් පවත්වා ඉංග‍්‍රීසි ඉගැන්වූ ගුරුවරියක බවට තොරතුරු හෙළි වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විභාග වංචාවකට උදව් කළැයි ගුරුවරියක් අත්අඩංගුවට
රවින් Friday, 07 December 2018 07:51 AM
ගුරුකම කියන වචනයේ තේරුමවත් දන්නවාද දන්නේ නැහැ.