(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසුව ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීමට ඇති විය හැකි හෙයින් ඒවා වැළැක්වීමේ අරමුණින් මෙම පිවයර ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සාමකාමීව විසිර යන ලෙසත් විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභ හානි සිදුකළ හොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
ඒ සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන් වෙත උපදෙස් නිකුත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
යම් සිදුවීමක් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන ඇමැතුම් අංකය වන 1911 හෝ පොලිස් මූලස්ථානයේ 011-2421111 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.