(ඩයනා උදයංගනී)
සිංගප්පූරු ගිවිසුම හා හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය කළ ප‍්‍රකාශ අසත්‍ය ඒවා බව මේ වන විට ඔප්පු වී ඇතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.
හම්බන්තොට වරාය චීනයට විකිණූ බවට ඒකාබද්ධ විපක්‍ෂය කළ චෝදනා සත්‍යනම් එහි ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව ලැබී ඇත්තේ කෙසේදැයි තමන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ප‍්‍රශ්න කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම සිංගප්පූරු ගිවිසුම මේ වන විට මාස 11ක් තිස්සේ ක‍්‍රියාත්මක වන බව කී නලීන් බණ්ඩාර මහතා ඒකාබද්ධ විපක්‍ෂය කී කුණු කඳු හෝ මෙරට රැකියා සඳහා සිංගප්පූරු වැසියන් පැමිණීමක් මෙතෙක් වී නැතැයි ද ප‍්‍රකාශ කළේය.
එමෙන්ම එම ගිවිසුම සම්බන්ධ පසු විපරමක් ලබන මැයි මාසයේ සිදුවන බවත්, ගිවිසුමේ අඩුපාඩු ඇත්නම් එහිදී ඒවා නිවැරදි කළ හැකි බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාද සංශෝධන ඉදිරිපත් කර ඇතැයි කියා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වත්මන් රජය සියලූ දේ කරන්නේ මනා විනිවිද භාවයකින් බවත්, පසුගිය රජය මෙන් අතයට ගනුදෙනු නොකරන බවත් නලීන් බණ්ඩාර මහතා කීවේය.
හම්බන්තොට, මිරිජ්ජවිල ප‍්‍රදේශයේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුව ඉදිකෙරෙන්නේ ද හම්බන්තොට වරාය ඔස්සේ එම තෙල් අපනයනය කිරීමේ අරමුණින් බව කී නලීන් බණ්ඩාර මහතා හම්බන්තොට වරාය චීනයට විකුණා ඇත්නම් ඉන්දියාවේ මව් සමාගම පිහිටා ඇති සිංගප්පූරු සමාගමක් සහ ඕමාන සමාගමක් හරහා එම ආයෝජනය කිරීමට අවස්ථාව නොදෙන බව ද කියා සිටියේය.
ඒ අනුව මේ වන විට රාජපක්‍ෂවරුන් රජයට විරුද්ධව කළ සියලූ චෝදනා එකින් එක බිඳ වැටෙමින් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
එහෙම නම් ජනතාව ඉදිරියට යන්නකෝ මොනවාද වේවිද කියල බලන්න..
දැක්කත් මුහුණ පණ්ඩිතයෙක් බව තේරෙනවා... කෙරුවොත් වැඩක් මොඩයා බව පැහැදිලියි... ඇරියොත් කට උම්බෑ නද පැතිරෙනවා... අනේ අපේ පිං ගොයියා වැජඹෙනවා..
මොකක්ද ඔප්පුවෙමින් තිබෙනවා කියන්නේ? "විපක්ෂය රජයට නැගූ චෝදනා අසත්‍ය බව ඔප්පු වුනා" කියලා කියන්න තරම් ඒක ගැන ඔහෙටත් ෂුවර් නැද්ද? හඳුන්නෙත්ති මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන මලික් සමරවික්‍රම කියනවා සංශෝධන කරන්න පුළුවන් කියලා. මේ හාදය කියනවා "ඔප්පුවෙමින් තිබෙනවා" කියලා. මේවා අහන 62ට මාර චූන් ඇතිනේද?
බැංකුව කැඩුවේ මොන විනිවිද භාවයෙන්ද?
හම්බන්තොට වරාය බන්කරින් පහසුකම් සැපයීම සිදු නොකරන තුරු ඒ ආදායම් සිංගප්පූරුව වෙත ඇදී යයි. නොකරන මගුලක් අටවා තරගකාරිත්වය නැති කිරීමට කටයුතු යොදා ඇති බව අප රටේ වගකිව යුතු අය දනිත්. ඒ තවත් අවක්‍රියාවක් වැසීමට දූන් ගෙවීම විය හැක.
එකනේ අපි කීවේ ඕවා සම්මත කරගන්න එක කිරි කජු කනවා වගේ කියා .
බැංකු කැඩුවා කියන පදේ ඉතින් හැමදාම කියනවා..... කප්පරක් රටේ දේවල් හොරකම් කරගෙන තිබියදීත් .
ETI ගත්තේ ලයිකා මොබයිල් කුණු කොල්ලයට. තේවතු බද්දට අැලෝශියස්ලාට දුන්නේ කුණු කොල්ලයට. ශ්‍රී ලන්කන් එයාලයින්ස් පාඩුවෙන්න ඇරලා විකුණන්න හදන්නේ ලයිකා මොබයිල් එකට. හම්බන්තොට තෙල් පිරිපහදුව අයිති සිල්වර් පාර්ක් ලියාපදිංචි කරලා තියෙන්නේ 2019 පෙබරවාරි සිංගප්පුරුවේ... අයිති තමිල්නාඩු DMK දේශපාලකයෙක්ට. අර්ජුන් ඇලෝෂියස් ඉන්නේ සිංගප්පුරුවේ. ඉතින් පුදුම විනිවිදභාවයක් තියෙන බව පේනවා.
ජනතාවට අවස්ථාව දෙන්න. ඇපත් නැති වේවි කට්ටියට..