(ඩයනා උදයංගනී)
විපක්‍ෂනායකධූරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විසඳනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා අද (29) පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති අපේක්‍ෂකවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමකට පැමිණෙනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
සාකච්ඡාමය විසඳුමක් සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද සූදානමින් සිටින බව හෙතෙම ප‍්‍රකාශ කළේය.
එහිදී පාක්‍ෂිකයින්ට සතුටු විය හැකි යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ද විජේපාල හෙට්ටිආරච්චි මහතා කීවේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
විපක්‍ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකු කතානායකවරයාට ලිපියක් බාර දී ඇතත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
මේ සම්බන්ධයෙන් නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක යන මන්ත‍්‍රීවරුන් හා තලතා අතුකෝරළ මන්ත‍්‍රීවරිය ද රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළ බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පැමිණ තම පාර්ශවය හා සිටින ඇතැමුන් ද මේ දිනවල පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායකත්වය ගැන අදහස් දක්වන නමුත් ඔවුන්ට ඒ සඳහා කිසිඳු අයිතියක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
මේක හරියට හොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා වගේ වැඩක්...
මෙයාටත් රතු එළි පත්තු වෙලා තියෙන්නේ... ඊළඟ වතාවේ ගෙදරම නවතින්න වෙන හැඩයි.
ලක්ෂ 55 ක ජනවරමක් ලැබුණු සජිත් විපක්ෂ නායක වියයුතුමයි. ඔහු අවංක, වැදගත් දේශපාලනයෙන් එජාපය දිනන මගට ගෙනියයි.
මේ විජේපාලට නේද ගමේ මිනිස්සු බැනලා, හූ කියලා එලෙව්වේ...? ඔය එජාපෙ ආරම්භයේදී පැවැති තේජාන්විත ගැම්ම 2019 වෙනකොට ඔය පක්‍ෂය නියෝජනය කරන එකම එක්කෙනෙක් ගාවවත් නැහැ. හරියට විජේවීරගේ ජවිපෙ වගේ. ජාති මාමකත්වයක් නැති පිරිසක් බිහිවෙලා. බුදුදහම ඒ අයට මතක් වෙලා තියෙන්නේ ජනාධිපතිවරණෙන් පැරදිලා මහමැතිවරණය දිනන්න ඕනෑ හින්දයි. කිසිඳු ජාතිමාමකත්වය ගැන හරවත් දෙයක් ඔය පක්ෂයේ කාටවත් කියන්න බැහැ. අති විශාල දූෂිතයින් පිරිසක් මදිවාට බෙදුම්වාදීන් සහ අන්තවාදීන්වත් තුරුළු කරගෙනයි රනිල්ලා, සජිත්ලා දේශපාලනය කරන්නේ. මුලින්ම අවම වසර දෙකක්වත් අවංකවම රටේ මිනිස්සු වෙනුවෙන් පරණ ජාතිවාදයෙන්, අන්තවාදයෙන් සහ බොරු කෙප්ප මඩවලින් ජනතාව මුලා කරන ඒ පිළුණු වෙච්ච අයව සහමුලින්ම ඉවත් කරගන්න. ඉන්පස්සේ අලුත්ම අලුත් පිරිසක් හදාගන්න. එහෙම වුනොත් 2025 ජනාධිපතිවරණයේදී පුංචි හරි සැනසීමක් ගන්න හැකිවෙයි.
රනිල් මෙච්චරකල් කරපු කෙන්ගෙඩියක් නැහැ. සජිත් තමයි දැනට ඉන්න සුදුස්සා.
රනිල් නිකම් සෙරෙප්පුවක ඇනුණු කොට ඇණයක් වගේ... ඔහේ ඇණි ඇණී තියෙනවා. මෛත්‍රී පළාත් එක්ක එකතු වෙලා පොළොන්නරුවේ ගිහිල්ලා ගොවිතැන් කරන්න ගියා නම් හොඳයි.
නායකත්වය වෙනස් කරගෙන හොරු ටික ඒවත් කරලා ගොවියන්ට වින කරපු ප්‍රතිඅපනයන හොරකම්වලට උදව් කරපු අය ඒවත් නොකර එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩගන්න බැරිය..
ඔයගොල්ලන්ගේ ඔය ප්‍රශ්නය අපිට ප්‍රශ්නයක් නොවෙයි. ඔයගොල්ලෝ ඕක විසඳාගත්තත් එකයි, නැතත් එකයි.