අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුව නගරයේදී හමුදා නිලධාරීන් එල්ල කළ වෙඩි තැබීමකදී තුවාල ලැබූ සැකකරු මියගොස් ඇති බවත්, පලාගිය සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඊයේ (29) වාද්දුව නගරයේ සිට පානදුර පිංවත්ත දක්වා අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස හමුදා භට පිරිසක් හඹාගිය අතර, එම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදී තිබිණි.
තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.
සැකකරුවන් දෙදෙනා මත්තේගොඩ ප්‍රදේශයේදී එම වෑන් රථය පැහැරගෙන පලායමින් සිටියදී වාද්දුවේ මාර්ග බාධකයක් අසළදී රිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නැවැත්වීම් ගැන අපි හමුදාවට, පොලිසියට, ආරක්ෂක නිලධාරීන්ට ප්‍රශංසා කරනවා...
අර සමහරු කියනවා වගේ ඇයි "දණෙන් පහළ" වෙඩි තිබ්බේ නැත්තේ? අපරාදේ..!!!
රෝහල් වලට අරන් ගිහින් ප්‍රතිකාර කරන්න ඉඩක් තියන්න එපා. එක පාරෙන් ඉවර කරලා දන්නා. මහජනතාවගේත් රටෙත් ආරක්ෂකයා ඔබලා. ඔබල දෙන ආණ පිලි ගන්නේ නැතුව දුවනේ මොවුන් සමාජයට වරදක් කරන නිසා...
නොනවත්වා යන වාහන වලට වෙඩි තියන එක වැරදියි. මේ රට ශීලාචාර ප්‍රජාතන්ත්‍ර වාදී රටක්. හමුදා පාලනයක් හෝ කොමියුනිස්ට් පාලනයක් අපේ රටේ නැහැ.
හදිසි නීතිය ගැන මෙලෝ අවබෝධයක් නැති මෝඩයෝ. හොද වැඩේ. අර කුරුණෑගල හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කාරයත් සිඅයිඩි එකට පරීක්ෂණ කරන්න ඉඩ නොදුන්න වෙලාවේ කකුලකට හරි තියලා දාන්න තිවුනේ.
නීතියට අවනත නොවන මැරයන්ට හොරුන්ට නීතියෙන්ම නිසි දඬුවම් ලැබිය යුතුය. මෙතැනදී සිදු වී තිබෙන්නේත් එයමයි. ආරක්ෂක හමුදාවට දොස් පවරන එක වැරදියි.
ලුම්බිණි කාටද කඩේ යන්නේ? වාහනය නැවත් වුයේ නැත්නම් වෙඩි තියන්නම ඕන.
සැකකරුවන් දෙදෙනා මත්තේගොඩ ප්‍රදේශයේදී එම වෑන් රථය පැහැරගෙන පලායමින් සිටියදී වාද්දුවේ මාර්ග බාධකයක් අසළදී රිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.
අණ නොතකා ධාවනය වුණා නම් ටයර්වලට වෙඩි තියලා අත්අඩංගුවට ගන්න තිබුණා. අනෙක පසුපස හඹා යන්න තිබුණා. සමහරවිට නොදැක්ක නිසා ගියාවෙන්න පුළුවන්... සාජන්ට් නල්ලතම්බිට වෙඩි තියලත් මෙහෙම කතාවක් කිව්වා. මේ තත්වය වහාම පාලනය කළ යුතුයි. දැන් 10 දෙනෙක් විතර මේ කාලෙට හමුදා වෙඩි ප්‍රහාර නිසා මියගියා. මේ හැමෝම අහිංසක මිනිස්සු එක්කෝ හමුදාවට ත්‍රස්තවාදීන් හඳුනාගන්න තේරෙන්නේ නැහැ...