IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


වෑන් රථය පෙරළී උප පොලිස් පරීක්ෂක මරුට:හයකට තුවාල

(ඉන්දිකා රාමනයක සහ ශාන්ත චන්ද්‍රසිරි)

කොවිඩ් ආසාදනය වී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරකට ආරක්ෂාව සපයමින් ගමන් ගත් වෑන් රථයක් හැටන්, වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයකට අද (05) උදෑසන  පෙරළීමෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ජීවිත්කෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වටවල පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන ලද එස්. බෙනඩික් (57) නැමැති කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය කියයි.

හැටන්- දික්ඔය මුලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශය දක්වා එම මළ සිරුර රැගෙන යමින් සිටි රථයකට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් ගමන්ගත් වෑන් රථයක් හැටන්- අවිස්සාවේල්ල මාර්ගයේ වටවල, කැරොලිනා ප්‍රදේශයේදී අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුරු සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු, වෑන් රථයේ රියදුරා සහ මියගිය අයගේ ඥාතීන් කීප දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට තිබේ.



අදහස් (7)

වෑන් රථය පෙරළී උප පොලිස් පරීක්ෂක මරුට:හයකට තුවාල

WCA Saturday, 05 June 2021 05:09 AM

මළමිනියකට මාර ආරක්ෂාවක් දීලා අරන් යන්නේ මම ඉන්න හරියෙත් ඔහොමයි. පුච්චන්න තියෙන උනන්දුව කොරෝනා හැදුණාම ඉස්පිරිතාලෙට එක්කන් යන්නේ නම් නෑ...

:       3       6

Kodi Saturday, 05 June 2021 05:48 AM

VIP මරණයක්ද ආරක්ෂාව දාගෙන ඔච්චර දුර ගෙනියන්නේ. අනේ මන්දා..!!!

:       5       6

banda Saturday, 05 June 2021 06:57 AM

කොරෝනා මරණෙට ආරක්ෂාව දෙන්නේ මරණේ පැනලා දුවයි කියලද? අනේ මෙහෙමත් මෝඩ රැළක්...

:       8       11

Athula kSaturday, 05 June 2021 10:57 AM

ඔට්ටමාවඩි ගෙනියන්නේ කුමකටද කියලා තේරෙන්නේ නැද්ද?

:       0       1

shanika Saturday, 05 June 2021 07:25 AM

මරණයට ආරක්ෂාව දෙන්නේ නැයෝ මරණේ අරන් ගිහිල්ලා කොහේහරි වලදායි කියලයි...

:       1       16

Kulasinghe Saturday, 05 June 2021 02:03 PM

අනේ පවු...!!! 

:       0       0

bas Sunday, 06 June 2021 09:49 AM

අඩේ මෙච්චර දෙයක් වෙලත් අර මැරිච්ච පොලිස් නිලදාරීයට නිවන් සුව කියලවත් එකෙක් කියල නෑ... අනිත් අයට ඉක්මන් සුව කියලවත් නෑ එච්චරට අපි පිරිහිලද යාලු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 981 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1033 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site