( කේෂර ගුණතිලක)
බුද්ධම වරාගම ප්‍රදේශයේ වැවකට මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බුද්ධම වරාගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ ධර්මදාස (53) නැමති අයෙකි.
ඔහු තවත් පස් දෙනෙකු සමඟ රක්ෂිත වනයේ පිහිටි ප්‍රදේශයක්වූ පුස්ඇල්ඔබ ජයන්ති වැවට මාළු ඇල්ලීමට ගොස් ඇත.
තිදෙනෙකු වැවේ මාළු අල්ලමින් සිටියදී මියගිය අය සහ තවත් අයෙකු වැවේ ඉස්මත්තේ ආහාර පිළියෙල කරමින් සිටියදී පැමිණි වන අලියෙකු ඔහුට පහරදී ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ගොවිඳුපුර පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd