






(රොමේෂ් මධුෂංඛ)
යුද්ධය සහ නියං තත්ව හේතුයෙන් වන්නියේ ගොවිතැන් කරගත නොහැකිව, වසර 30කට අධික කාලයක් පුරන්ව තිබූ කුඹුරු අස්වද්දා එම කුඹුරුවල අස්වනු නෙළීමේ ප්‍රධානෝත්සවය අද (17) වව්නියාව ඇටඹගස්කඩ වෙල්යායේදී පැවැත්විණි.
උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි උපප්‍රධාන සංඝනායක පූජ්‍ය ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන්, වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි යන අයගේ ප්‍රධානත්වයෙන් කුඹුරුවල අස්වනු නෙළීම ඇරැඹිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පයට අනුව, පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාවට වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් ජානක මහතා, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතවරු මෙන්ම ප්‍රදේශවාසීහු ද සහභාගී වී සිටියහ.
COMMENTS
ඇවිල්ල මාස තුනයි. " ‘සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පයට අනුව, පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරුනානම් කොහොමද අප්පා කුඹුරු වල ගොයම් මාස තුනෙන් පැහුනේ ?
අර කොළඹ නගරයට ආසන්නවම තියෙන පැලවත්තේ අකුරේගොඩ සහ අමරගොඩ පාර මැදිව තියෙන බලෙන් පුරන් කරලා තියෙන කුඹුරුත් අස්වැන්න නෙලන්න කටයුතු කරන්න. මොකද ගොවිජන එකේ ඉන්න කට්ටියම මඩ ඉඩන් ගොඩ ඉඩම් වෙනකන් බලන් ඉඳල වැඩි මුදලකට ඉඩම් විකුනනන්න සෙට් වෙලා ඉන්නවා.
හේන් ගොවිතැනටත් දැක්මක් ඕනේ.
කවුද ටයි සපත්තු මේස් දාගෙන ගොයම් කපන්නේ තමන් මේ වැඩේට එන්නේ කියලා කලින් දන්නවනේ සරමක් අදින්න ලැජ්ජද මේ ගොල්ලෝ එන නිසා කුඹුර ඒ සි කරන්න ඇති. රටේ දේශගුණය දන්නේ නැති කට්ටිය.
ඔය තණ කොලත් එක්ක නේ කපන්නේ.
ඡන්දෙට කලින් පිටරට පටවයි වගේ, අධි අස්වැන්න සුභ අනාගතයක්...
වැඩේ නම් හරිම හොඳයි. නමුත් දිග කලිසන් අන්දලා ටයි පටි දාගෙන ගොයම් කපන හැටි දැක්කම විහිළුවක් වගේ .
ඒකත් ආශ්චර්යක් පුරන් කුඹුරුවල අස්වැන්න නෙලන්න පුළුවන් එක. ලංකාවේ අනෙක් කුබුරු ඔක්කොම පුරන් වෙන්න ඇරලා අස්වැන්න නෙලමු.
දැන් කොහෙද ඔය ගොවිතැන කල ගොවියෝ. එම උදවිය නේද ගොයම් බුතයගෙන් කපන්න ඕන. මේ නිකම් විහිළු වැඩක් වගේ. අපේ ගම්වල ටයි දාගෙන ගොයම් කැපුවොත් කොල්ලෝ හූ කියාවි.
මේක නම් බොරු සෝබන. කුබුරේ අස්වැන්න කපන්න එනබව දැනගෙන හිටලත් ටයි එක ( අඩුගානේ ගලවලා එන්නට බැරි ) නම් අමතක බැරි උණු රජයේ සේවකයෝ. මෙහෙම රටක් කවද හැදේද ?
පුරන් වූ කුඔුරක් අලුතින් අස්වද්දල මේවෙනකොට ගොයම් කපන්න මාස 1 1/2 කින් පීදෙන වී වර්ගයක් තිබිය යුතුයි. මේකත් අට පට්ටමට දාන්න වටිනා දෙයක්. අනික ටයි ඇදල සපත්තු දාල කුඔුරු වලට බහින එකත් පුදුම දෙයක්.
වර්ෂයේ විහිළුම ඡායාරූපය.
ඒක තමයි කියන්නේ සහෝ මේක අරුම පුදුම ලංකාවක් කියලා .ඔක්කොම ජිල් මාට් අතේ පත්තුවෙන වැඩනේ තියෙන්නේ.
මම දන්නා තරමින් සමහර කුඹුර අතහැර දමා තිබෙන්නෙ ගොවි පනත නිසයි. තමන්ට වැඩ කරන්න බැරිනම් කරන්න දෙයක් නැහැ. කෙනෙකුට එක ගමනක් වැඩකරන්න දුන්නොත් ඉඩම් හිමිය අමාරුවේ වැටෙනවා.
ඇත්තටම මේවාගේ මෝඩ, බොරු සෝබන වැඩවලින් මහජනතාව කලකිරෙනවා කියලා මේ අයට තේරෙන්නේ නැද්ද ?
බලන්න එපාය ටයි දාල ඉන්න මහත්තුරුන් ගොයම් කපන ලස්සන... මාරයි.. ගොවියන්ටත් එහෙම ඇඳලා කපන්න උගන්වන්න ඕන.
ඔය ගොයම් ඉක්මනට පාගල පිදුරු ටික ගත්තොත් හොඳයි.
මට මතකයි 1977 ඡන්දෙ ඉවරවෙලා මන්ත්‍රී වරුන්ට, ඇමතිවරුන්ට මල් මාලා දමා පිළිගන්න උපහාර විකාරයක් පටන්ගත්ත. තරුණයෝ පිරිසක් එකතුවෙලා , මහරගම හරි හෝමාගම පැත්තේ පාරේ හිඟමන් යදින යාචක තුමෙකුට මල්මාලා දාල උපහාර දක්වල පිළිගැනීමක් කරාට පස්සේ කට්ටිය වහාම එය නැවැත්තුවා. අවුරුදු 43 කට ඉස්සරත් ඔය වගේ විහිළු ගොන් වැඩ තිබුනා. මේවා ඉතින් තුන්වන ලෝකයේ ආශ්චර්යමත් දේවල්නේ.
ගොයම් කපන හැටි බලන්නකෝ..................
ටයි දාගෙන ගොයම් කපනවා දැක්කමයි.
සුද්දෝවත් ටයි දාගෙන අස්වනු නෙලන්නේ නැහැ. මේක නම් පිට රට පත්තරේකම දාන්න වටිනවා. ඉතින් රටක් සංවර්ධනය කරන්න පුලුවනිද?