( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව වනෝද්‍යානය මැදින් වූ මාර්ගයේ යාපනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් වන මැද සිරවී සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවු බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන්.කේ . අලහකොන් මහතා පැවසීය.
විනෝද සංචාරයක් සදහා රත්නපුර පැල්මඩුල්ල සිට විල්පත්තුව ජාතික වන උද්‍යානය හරහා පුත්තලම පරණ මන්නාරම මැදින් වූ මාර්ගයේ යාපනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් ගමන් කළ බස් රථය මඩේ එරි තිබේ.
බස්රිය මඩේ එරීම නිසා ඉදිරියට හෝ පසුපසට යාගත නොහැකිව බස් රථයේ සිටි වැඩිහිටියන් හා කුඩා දරුවන් සමග 68 කට ආසන්න පිරිස ඊයේ (21) සවස 4 සිට වන මැද සිරවී සිට ඇත.
මෙම පිරිස පුත්තලයම සිට මන්නාරමට ගමන් ගන්නා මාර්ගයේ පුත්තලම අවසන් ස්ථානය වු වනාතවිල්ලුව පරණ එළුවන්කුලම සපත්තු පාලමේ සිට සැතපුම් 23 ක් දුරින් වු පලුගහතුරේ ආසන්න ප්‍රදේශයේ මෙසේ බස් රථයෙන් ගමන් කරමින් සිටියදි හදිසියේ ඇතිවූ වර්ෂාවත් සමග බස් රථය මඩේ එරි අසරණවී තිබේ.
පසුව මුල්ලිකුලම නාවික හමුදා කදවුරේ නිළධාරින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ලේකම් චතුරක ජයසිංහ මහතා දැනුවත් කර ඇති අතර ඔහු කඩිනමින් පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන්.කේ අලහකොන් මහතාට සිද්ධිය දැන්වීමෙන් අනතුරුව පිරිස බේරා ගැනීම ආරම්භ කර තිබේ.
කඩිනමින් ක්‍රියාත්මක වු පුත්තලම ආපදා අධ්‍යක්ෂවරයා පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාට මේ පිළිබඳව දැනුම් දී නාවික හමුදා නිළධාරින්ගේ සහ2යෙන් අලුයම වන විට බස් රථය සහ එහි සිටි මගින් නාවික හමුදා ට්‍රැක්ටර් යොදා ගනිමින් එළුවන්කුලම සපත්තු පාලම දක්වා ගෙන එමට කටයුතු කර තිබුණී.
කෙසේ වෙතත් එළුවන්කුලම සපත්තු පාලමේ ජල මට්ටම අඩි දෙකක් දක්වා ඉහළ යාම නිසා බස් රථය ඒ මතින් ගමන් කිරීම දැඩි අවදානම් මට්ටමක පැවතිණ. එබැවින් කුඩා දරුවන් සහ වැඩිහිටියන් 68 දෙනා එළුවන්කුලම ගඟේ වාඩිය නාවික හමුදා කදවුර පිහිටි ස්ථානයට 22 දින දහවල් වන විට රැගෙන එමට කටයුතු කර තිබුණී.
නාවික හමුදා විශේෂ බළඝණයේ නිළධාරින් බස් රථයේ සියලුම මගින්ගේ බඩු බාහිරාදිය දැඩි පරිශ්‍රමයක් දරමින් බස් රථයේ සිට ගෙන එමට කටයුතු කර තිබුණි.
බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මැදිහත්විමෙන් එළුවන්කුලම යුද හමුදා අනුකණ්ඩ කදවුර වෙත රැගෙන විත් 22 දින උදේ සහ දිවා ආහාර ලබා දි අදාල ස්ථානයේ තාවකාලිකව නවාතැන් ගැනිමට සැලැස්වූහ.
බස් රථයේ සිරවි සිටි පිරිස රුගෙන පැමිනි බස් රථයේ රියදුරු වන පී.එම් ධනුක ඉමේෂ් මහතා මෙසේ පැවසීය.
“ අපි 21 (සිකුරාදා) දින සවස 4 ට විතර එළුවන්කුලම පිවිසුමේන් ඇතුළුවුනා. මම එද්දි පාර හොඳට තිබුණා. යන්න ගැටළුවක් තිබුනේ නැහැ නමුත් මගදි වැස්ස පටන් ගත්තාම පාර දිගටම මඩ.
ඉස්සරහට යන්න හැදුවත් බස් එක එරෙන්න ගත්තා කරන්න දෙයක් තිබුනේ නැහැ අපි අසරණ වුනා .
බස් එකේ සියලු දෙනාම රෑ පුරාම මහ කැලැවේ බයේ හිටියේ . නමුත් නාවික හමුදාව ආවා අපේ ආරකෂාවට. පස්සේ ආපදා එකෙන් හා යුද හමුදාවෙන් ඇවිත් අපව අරන් ගියා. ..ඒත් බස් එක ගන්න බැහැ අර සපත්තු පාලමේ වතුර වැඩි නිසා“








COMMENTS
දුකකදි කරදරයකදි අන්තිමට ඒ උත්තමයන්ගේ පිහිට තමයි. සමාජය මෙය අමතක නොකළ යුතුයි.
රටට හෙණ පිට හෙණ වදිමින් තියෙන මේ කාලයේත් මිනිස්සු විනෝද සංචාර යනවා... නැව ගිලුනත් බෑන්ඩ් චූන් කියන්නේ මේවට...
කමක් නෑ ඕකත් විනෝදයක්නේ.
ඔය පාට, පක්ෂ බදාගෙන කෑගහන අයත් ඔය අතර ඉන්නට ඇතැයි සිතමි. සොල්දාදූවාගේ ජීවිතය, ජීවන රටාව, ආදී දේ ගැන අවබොධ වන්නට ඇතැයිද සිතමි.
මේවා තමයි නියම "සෆාරි". නමුත් හැමදේටම සූදානමින් යන්න ඕනේ.
කොහේ ගියත්, මොනවා කරත් මොනවා වුනත් එකම ගැලවුම්කරු අපේ හමුදාව....
තිස්තුන් කෝටියක් දෙවිවරු හිටියත් වැඩක් තියෙනවද.? විනයගරුක සොල්දාදුවා හැම අතින්ම ශ්‍රේෂ්ඨයි.
දුකකදි කරදරයකදි පිහිටට ඉන්නෙ හමුදාව. දකින්න ඇතිනෙ ඒ මිනිස්සු ගෙවන දුෂ්කර ජීවිතය. එහෙම වෙලත් දුකේදි පිහිටට එන හැටි. තමුන්ට කන්න බොන්න තියෙන දේ හරි දෙන හැටි. ජාතියක් විදිහට අපි මේ මිනිස්සුන්ට සලකනවා මදි.
රටේ සිදුවන හැමදේටම මහජනතාවට ඉන්නේ මුරදේවතාව අපේ රටවිරුවන්ය....... ඔබ සියලු දෙනාටම දළදා සමිදු සරණයි සියලු දෙවි දේවතාවන්ගෙන් පිහිටයි ඔබ සැමට ජයෙන් ජය !
ඕවා මහා වැඩද මමත් 1967 ලග්ගල පල්ලේගම මීමුරේ කැළෑවක අතරමන් වෙලා පසුදා පාර සොයා ගෙන අවා. තුවක්කුවට එක පතොරමයි තිබුනේ. කැලේ අතරමන් වෙන එක රාජකාරියේ හැටියට සුළු දෙයක්. .
දෛවය විසින් ඔබට එක පතරොමක් දී තිබුණේ බැරි වෙලාවත් පාර සොයාගැනීමට නොහැකි උනොත් ඉතිරි වී ඇති එකම විකල්පය ක්‍රියාත්මක කිරීමටයි.
හේෂාන් එතකොට මගේ වයස 22 යි... හොඳට හයිය තිබුණු කාලේ.