
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වසර තුනක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණියක මෝටර් රථයකින් පැමිණ පිස්තෝලයක් පෙන්වා භිය ගන්වා පැහැර පැහැර ගැනීමට තැත් කළ බව පැවසෙන පෙම්වතා සහා ඔහුගේ මිතුරකු (12) දා අත් අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක වටරැක හා හබරකඩ ප්‍රදේශ වල පදිංචි 30 හැවිරිදි පෙම්වතා සහ 25 හැවිරිදි ඔහුගේ මිතුරකු බව පොලිසිය කියයි.
මෙම පෙම්වතා බව පැවසෙන පුද්ගලයා මීට වසර තුනක පමණ සිට මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ නිවසක 20 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.
මේ කාලය තුළදී දෙදෙනා අවස්ථා රැසකදී හමුවී ඇති අතර එහිදී ඔහු විවාහ වී එක්දරු පියකු බවට හඳුනාගෙන ඇති අතර පසුව මේ බව විවාහක බිරිඳ දැන ගැනීමෙන් පසුව විවාහ සහතිකය සහ තවත් තොරතුරු රැසක් තරුණියගෙ වැඩිහිටියන්ට යවා විරෝධය පළ කර තිබේ.
පසුව තරුණියගේ මාපියන් මෙම සම්බන්ධතාවයට විරුද්ධ වී තිබියදී ඉකුත් 08 දා උදෑසන 08 පමණ තරුණියගෙ නිවසට සැකකරු තවත් පුද්ගලයකු සමග පිස්තෝලයක් අතැතිව මෝටර් රථයකින් පැමිණ තරුණිය පැහැර ගැනීමට තැත් කර ඇති බවත් එහිදී තරුණියගේ මාපියන් හා ඥාතීන් ඊට විරෝධය පළ කිරීම හමුවේ දෙදෙනා මෝටර් රථය නැගී පලා ගිය බවත් එදින මත්තේගොඩ පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd