
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති "බුද්ධශාසන සභාව" බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්විය.
මෙම හමුවේදී, ශාසනික හා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරිණු බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
එළඹෙන ජාතික වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරීමට අදාළ මූලික සැලසුම් සකස් කිරීම, ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ "අධිෂ්ඨානයේ සංහිඳ" ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම, බැතිමතුන්ගේ පහසුව උදෙසා නිසි පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කළ අටපිරිකරක් හඳුන්වා දීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම, ශාසනික විනය, භික්ෂු අධ්‍යාපනය, ජාතික සංහිඳියාව සහ මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ ව්‍යසනයන් මැඬලීම සඳහා විශේෂිත කමිටු මගින් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, සසුනට එල්ල වන විවිධ අභියෝගයන් හමුවේ බුද්ධශාසන සභාව සතු වගකීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත. ශාසනික පුනරුදය උදෙසා රාජ්‍ය මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී එකඟතාව පළ වී තිබේ.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් පසුගිය කටයුතු සමාලෝචනය සහ ඉදිරි වැඩ සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංස්ථාපිත ආගම්වලින් අයින්වෙලා ඉන්න තරමට වැරදි නොකර ජීවත්වෙන්න පුලුවන්.
සිවුරු ඇඳගෙන විශාල වශයෙන් ගොවිතැන කරන ගොවි හාමුදුරුවෝ, බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපන් කියලා පරසක්වල ගහන, චීවරධාරී වගේ ක්‍රියා කරන අය සසුනෙන් නෙරපා දැමීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න වැඩපිළිවෙළක් හදන එක හොඳයි අපේ හාමුදුරුවනේ.
බොහෝ චීවරධාරීන් කරන එකම දේ පන්සල්වල ගොඩනැගිලි ඉදිකිරීම. තවුතිසා දෙව්ලොව වගේ වෙන්න ආවාස ගෙවල් ගොඩ නැගීම. ගම්වලට දායකයන්ට වන සේවයක් ගැන තුට්ටුවකට සැලකීමක් නෑ.. නාස්තිකාර ඉදිකිරීම්..
අනේ හාමුදුරුවනේ ඔය නිකායවල් නැතිව කුලමල නැතිව හොඳ පවුල් වලින් ළමුන් මහණ කරන්න.ඔය ගෙදරටත් එපාවෙච්ච නරක වැඩ කරන අයව සාසනයට ගන්න එපා.බලන්න අපට බෞද්ධයන් කියන්න බැරි තරමට සමහර භික්ෂූන්ගේ ක්‍රියා හින්දා ලැජ්ජයි.ඒ වගේ අයව සාසනයෙන් නෙරපන්න.එක භික්ෂුවක්වතටවත් දේශපාලනයට සම්බන්ධවෙන්න බෑ කියලා තහනමක් දාන්න.බලන්න අර බේබදු සල්ලාලයන් සාසනයට ඇවිල්ලා කරන වින්නැහිය.මොන ලැජ්ජා නැති සත්තුද ඒ අය.ඔබ වහන්සේලාටත් බුදුන් මග යනනේ නැත්නම් ඔය සිවුරු ගළවලා ගිහි ජීවිතයට ඇතුළුවෙලා සාසනය රකින්න.
ඉස්සෙල්ලා තමුන්නාන්සේලාගෙ පන්සල් ටික "සුද්ද" කරගන්න!