IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වනාතවිල්ලුවේ මියගිය කුරුල්ලන්ට කුරුළු උණ නෑ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
විල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ පේරක කලාපය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව රාල්මඩුව කුඹුරු යායක මරණයට පත්වු පක්ෂීන්ට කුරුළු උණ වලදි නැති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැවසිය.


පශු වෙද්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ කුඹුරු යාය තුළ මරණයට පත්ව සිටි පක්ෂීන් ජෛව පටල සාම්පල පරික්ෂා කිරිමේදි කුරුළු උණ රෝග ලක්ෂණ නොතිබු බවයි.


වනාතවිල්ලු එළුවන්කුලම රාල්මඩුව කුඹුරු යායා තුල මෙසේ පක්ෂීන් 1000 කට ආසන්න සංඛ්‍යාවක්  ගෙවි ගිය සතියේ හදිසියේ මරණයට පත්ව තිබුනී


මෙසේ මරණයට පත්වු පක්ෂීන්  එකම කුලයට අයත් බව කියන ගේ කුරුල්ලා , සරල වි කුරුල්ලා , ‍ගෙල කළු කුරුල්ලා ,මහ ටිකිරිත්තා,කිරුළළු බිම් රිට්ටා  යන කුඩාම පක්ෂී විශේෂය බව කියයි.


කෙසේ වෙතත් වනජිවි පශු  වෛද්‍ය වරයා පවසා සිටිය් අදාල පක්ෂින් බැක්ටිරියාවකින් හෝ වෙනත් වෛරසයකින් මරණයට පත්ව ඇත්දැයි සොයා බැලිමට පරික්ෂණ අරඹා ඇති බවයි.


ඒ සමගම මෙම පක්ෂින්ට මරණයට පත්වු කුඹුරු යායා තුළදි යම් විසක් ශරිර ගතව ඇත්දැයි සොයා බැලිම කල හැක්කේ රජයේ රස පරික්ෂක වරයාට බවත් ඒ සදහා මේ වන විට අදාල පක්ෂින්ගේ කොටස් රජයේ රස පරික්ෂක වෙත යැවිමට කටයුතු කර ඇති බවයි .


කෙසේ නමුත් අදාල පක්ෂින් මරණයට පත්විම සිදුවු කුඹුර  හා අවට නිරික්ෂණය කිරිමෙන් පසුව පක්ෂීන් මරණයට පත්ව තිබිමට ආසන්නම හේතු තවමත් තහවුරු වි නැති බව වනජීවි නිළඛාරින් පවසයි.


නමුත් අදාළ පක්ෂීන් මරණයට පත්වු කුඹුරට වි ඉසිම සිදුකර ඇත්තේ මෙම පක්ෂීන් මරණයට පත්විමට  දින කිපයකට පෙර බවත් ඒ හේතු සැළකිල්ලට ගෙන වනජීවි නිළධාරින් කුඹුරේ පසු හා ඉස තිබු වී සාම්පලයක්ද රස පරික්ෂකට යැවිමට කටයුතු කර තිබුනී .

 



අදහස් (0)

වනාතවිල්ලුවේ මියගිය කුරුල්ලන්ට කුරුළු උණ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site