(ඩයනා උදයංගනී)
සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ‘ශ‍්‍රී ලංකාවේ වනජීවී භාරය’ වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
පරිසර සංරක්ෂණය හා වනජීවී සංරක්ෂණයට අදාළව වනජීවී සංරක්ෂණ භාරය මගින් දැනට කිසිඳු කටයුත්තක් නොකෙරෙන බැවින් එය වසා දැමීමට තීරණය කර ඇත.
එම ආයතනය වසා දැමීමෙන් අනතුරුව එහි සතු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවැරීමට කැබිනට් මණ්ඩලය අවසර දී තිබේ.
එහි කාර්ය මණ්ඩලය අතරින් සේවයෙන් ඉවත්වීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති අයට වන්දි හා පරිතෝෂික මුදල් ගෙවීමටත්, වන්දි ලබා සෙවයෙන් ඉවත්වීමට කැමැත්ත ප‍්‍රකාශ කර නොමැති කාර්ය මණ්ඩල සාමජිකයන් ඔවුනට පෞද්ගලික වන සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමටත් නියමිතය.
ඊට අමතරව වනජීවී භාරය සතු රන්දෙණිගල පුහුණු මධ්‍යස්ථානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යෑමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
COMMENTS
වනජීවී එක වහල ඇමතිතුමාට කාන්තා භාරය දුන්නනම් හොඳයි කියල හිතෙනවා.
ගිය සුමානෙත් එකක් වැහැව්වා නේද? සැලොන් දොරවගේ. හිතුමනාපෙට ආයතන අරිනවා. හිටපු ගමන් වහනවා. ආයතනයක් අරින්න, පවත්වාගෙන යන්න හෝ වහන්න ඉස්සෙල්ලා ඒ පිලිබඳ අධ්‍යනයක් කරන්නෙම නැද්ද කොහෙද? මෙතැනදී තමා නිසි අධ්‍යාපනය බලපාන්නේ. උගතුන් වැඩ කරන විදිය හා නුගතුන් වැඩ කරන විදිය. හැමදේම පිළිවෙලක් නැතිව කරාම වෙනදේ ? කිසි වගකීමක් නැහැ. අනාගතයේදීවත් අපට උගතුන්ගෙන් පිරි අමාත්‍ය මණ්ඩලයක් ලැබේවායි ප්‍රර්ථනා කරනවා හැරෙන්න වෙන කුමක් කරම්දෝ?