IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වනජීවි නිලධාරියාට පහරදීමේ සිද්ධියට අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි

(උපාලි ආනන්ද)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජාකරියේ යෙදි සිටි වනජීවී නිලධායකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය  සම්බන්ධයෙන්   විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුනු වාර්තා කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ  මහේස්ත‍්‍රාත් සමන්  වැරනියගොඩ  මහතා එම වනෝද්‍යානයේ උද්‍යාන බාරකරු භාතිය මඩුගල්ලේ මහතාට නියෝග කළේය.

මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝග කළේ නිකුත් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන බාරකරු භාතිය මඩුගල්ල් මහතා බී වාර්තාවක් මගින් කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට කළ  කරුණු සලකා බැලීමෙන් අනතරුවය. 

මින්නේරිය ජාතික වනෝද්‍යානය හෝ ඒ අවට ප‍්‍රදේශයෙන් අලි පැටවකු සොරකම් කිරීෆම් සැලසුමක් ඇති බවට කලක සිට තමා ඇතුලූ තම නිලධාරීන්ට විශ්වාස කටයුතු මාර්ග වලින් තොරතුරු ලැබුණු බව  බී  වාර්තාවක් මගින්  මඩුගල්ලේ මහතා අධිකරණට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව,  පසුගිය 23 වන දින රාත‍්‍රි 10 30 ට පමණ අදාල ප‍්‍රදේශයේ තම නිලධාරීන් රැකවල්ලා සිටියදී  හමුදා වාහන දෙකක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හබරන දෙසට වන්නට පිහිට බටහිර දිශාවට ඇතුලූ වුූ බවත් තම නිලධාරීන් එම වාහන නවතන ලෙසට සංඥා කළ බවත් එම සංඥා නොතකා වාහන ධාවනය කළ බව ද අධිකරණය හමුවේ කියා සිටියේය. එම වාහන දෙක යුද හමුදාවට අයත් ඒබාව බවට පැහැදිලිව හඳුනාගත් බව ද උද්‍යාන බාර කරු අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

එ සම්බන්ධයෙන් අනුරාධපුර ගල්කුලම පිහිටි යුධ හමුදා මාර්ග බාධකයට  දැනුම් දුන් බවද අධිකරණයට සැලකල උද්‍යාන භාරකරු මඩුගල්ලේ මහතා අදාල වාහන දෙකහි ගමන් කරන්නේ යුධ හමුදා මේජර් ජනරාල්වරයකු බවත් ඒ අනුව අදාල වාහන දෙක නතර කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ගල්කුලම යුධ හමුදා   මුරපොලෙන් තමන්ට දැනුම් දුන් බවද අධිකරණයේදී කියැවිණි.

ඒ වන විටත් තම නිලධාරීන් අදාල යුද හමුදා වාහන දෙක ලුහු බැඳ ගොස් තිබූ අතර  එම හමුදා වාහන දෙක අනුරාධපුරයේ පිහිටි යුධ හමුදා කඳවුරකට ඇතුලූ වූ බවද අධිකරණයට දැනුම් දුන් උද්‍යාන භාරකරු  පසුව තම නිලධාරීන් සිය වාහනය ආපසු හරවා මින්නේරිය ජාතික වනෝද්‍යානය දෙසය ආපසු ගමන් කරන අතර තුර හබරන පලූගස්වැව ප‍්‍රදේශයේ දී යුධ හමුදා කන්ඩායමක් විසින් නතර කළ  යුද හමුදා නිලධාරීන් කිහිප දෙනකු අතරින් එක් අයකු තම නිලධාරින්ට  අසභ්‍ය වචනයෙන් බැන වැදී වන සත්ව අඩවි ආරක්ෂක  එන්.ඩබ්.කේ. වාසල මහතාට  පහර දී ඇති  අධිකරණය හමුවේ කියා සිටියේය.

එසේ  බැන වදිමින් මරණ තර්ජන එල්ල කළ පහර දුන් පුද්ගලයා  තමන්  21 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් මොහාන් රත්නායක බවට ඔහු විසින්ම හදුන්වා දී ඇති බව උද්‍යාන බාරකරු අධිකරනය හමුවේ කියා සිටියේය.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්  චන්දන සූරිය බංඩාර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ  ඩබ් එම් කේ එස් චන්ද්‍රරත්න මහතාගේ උපදෙස්  මත මින්නේරිය ජාතින වනෝදයානයේ උද්‍යාන බාරකරු භාතිය මඩුගල්ලේ මහතාගේ මෙහෙයවීම මත මෙම සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරයි.

 



අදහස් (0)

වනජීවි නිලධාරියාට පහරදීමේ සිද්ධියට අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site