IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘විධායක ජනපති ක‍්‍රමය අහෝසි කරන්න තිබුණ හොඳම අවස්ථාව අහිමි වුණා‘‘

(මුදිතා දයානන්ද)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට තිබුණ හොඳම අවස්ථාව ඊයේ අහිමි වූයේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද (20) පැවසීය.

හැම පාලකයෙක්ම ජනතාව රැවැට්ටුවා. තවදුරටත් රැවැට්ටීම වැළැක්වීම සඳහා තමයි විධායකය අහෝසි කිරීමේ යෝජනාවක් ඊයේ කැබිනට් මණ්ඩලයට ගෙන ආවේ යැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

          ‘‘විධායකය ගෙන ආ පක්ෂයක සාමාජිකයෙක් ලෙස මම අද සතුටුවෙනවා. විධායකය අහෝසි කිරීමේ අවශ්‍යතාවය දැක ඒ වෙනුවෙන් කටයුතු කිරීම ගැන. අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කළ කාලයේ සිටම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අරගල කළා. විධායකය නිසා රටේ හැමදාමත් ප‍්‍රශ්න රැසක් ඇති වුණා. මේ තත්ත්වය දැකලා විධායකය ගෙන ආ පක්ෂයම අද විධායකය අහෝසි කිරීමට සුදානම් වෙද්දි එදා විධායකයට විරුද්ධව සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද විධායකය වෙනුවෙන් පෙනී සිටිනවා.

ජනාධිපතිතුමාටත් විධායකට අහෝසි කිරීමේ දැඩි අවංක උවමනාවක් තිබෙන බව පේනවා. ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනාව ගෙන එන්නෙත් එතුමාගේ අවශ්‍යතාවය මත බව මා සමඟ අදහස් දැක්වූ අවස්ථාවකදී පැහැදිලි වුණා.

ඒ ගැන මා සතුටු වෙනවා. ඇත්තටම හැමදාම විධායකය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු දී බලයට එන අය ඒක පසුව අමතක කර දමනවා. ජනතාව රවට්ටනවා. තවදුරටත් ජනතාව රැවැට්ටීමට ඉඩ නොතැබිය යුතුයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට ජනාධිතිතුමා එකඟ වීම ගැන මා සතුටු වෙනවා. එතුමා අද තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාව. එය අප අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා එහි අඩංගු කරුණු ගැන දැනට කිසිවක් කිව නොහැකියි.

එහිදි මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට මාරසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප‍්‍රශ්නය - ඇයි මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන එන්න ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කරනතුරු සිටියේ? මේ තරම් උවමනාවක් තිබුණා නම් ජවිපෙ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ විසිවන සංශෝධනය සාකච්ඡාවට වත් නොගෙන මෙපමණ කල් ගත්තේ ඇයි?

පිළිතුරු - හොඳ දේවල් කරන්න නැකත් බල බලා ඉන්න අවශ්‍ය නැහැ. මේක පාර්ලිමේන්තු ක‍්‍රියාවලියක්. ඒක ජනාධිපතිවරණයට බලපාන්නේ නැහැ. හැමදාම ජනාධිපතිවරණයකදී විධායකය අහෝසි කරන බව පවසා බලයට පැමිණ එය පවත්වාගෙන යනවා.

අපි මේ යෝජනාව සම්මත කර තිබුණා නම් බලයට පත්වන ජනාධිපතිවරයාට එම යෝජනාව ක‍්‍රියාත්මක කරන්න සිදුවෙනවා. ඒකට තිබුණ අවස්ථාවයි දැන් මේ අහෝසි වී තිබෙන්නේ.

ප‍්‍රශ්නය - මේ යෝජනාවට එක්සත් ජාතික පෙරමුණේ සුලූ පක්ෂ කැමති නැහැ නේද?

පිළිතුර - ඔව්. අපිට හිතාගන්න බැහැ ඇයි ඔවුන් විරුද්ධ වන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් දැඩි ලෙසම මේ ක‍්‍රමයට විරුද්ධයි. එහෙත් සමහර සුලූ පක්ෂ එය අවශ්‍ය බවට දැඩිව කියා සිටිනවා.

ප‍්‍රශ්නය - මේ වෙලාවේ මේ යෝජනාව ගෙන ආවේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම කියලත් ඇතැමුන් චෝදනා කරනවා.

පිළිතුර - නැහැ. ඒක සම්පුර්ණ වැරදි අදහසක්. ජනාධිපතිවරණයක් කැඳවා තිබුණා කියලා පාර්ලිමේන්තුවේ වැඩ නවතින්නේ නැහැ. එහි කටයුතු කරගෙන යන්න පුලූවන්.

 

 



අදහස් (0)

‘‘විධායක ජනපති ක‍්‍රමය අහෝසි කරන්න තිබුණ හොඳම අවස්ථාව අහිමි වුණා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28519 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11010 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 682 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site