




ජනවරමට හිස නමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ සහ ඒ අවට මාර්ග රැසක පැය තුනකට ආසන්න කාලයක් පුරා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
විරෝධතාවය සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් , සිවිල් සංවිධාන රැසක සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති තනතුර වියරුවක් සේ හඳුන්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඡන්දයෙන් පත්වන විධායක අගමැති වරයකු බිහි කිරීමට දරන ප්‍රයත්නය දුටුවිට සිහියට එන්නේ නරිය සහ මිදී වැලයි. කිසිදා මහජන වරමකින් විධායක ජනපති තනතුරකට පත්වීමට නොහැකි නිසා පාර්ලිමේන්තුවේ එහෙයියන්ට සන්තෝසම් දී විධායක පාලකයා වීමට දරන මේ ප්‍රයත්නය අද විහිළුවක් සේ පෙනුනත් මුළු මහත් ජාතියේම අවසානයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රාජ්‍ය නායකයා පත්කර ගැනීමට ඇති අයිතිය උදුරාගැනීමේ මයි. ඒකාධිපතියකු බිහිකිරීමේ මයි. අද ඔවුන්ගේ මුදලට රැවටී හුරේ දමන්නන් දිය හැලියේ සතුටින් නටන කකුළුවන් මෙන් බව මතක තබා ගන්න. මේ රුකඩ පාලකයෙකු විධායක ජනපති වුනු දින, ඔය මුදලට අත් ඔසවන මහජන නියෝජිතයින්ගේ අවසානය බව මතක තබා ගන්න.
හැමෝම හදවතින්ම කතාකරනවා වගේ. කොලේ බලාගෙන කියන්නේ. කොහෙන් ආපු ජනවරමක්ද ?
මේ ඉන්න සෙනගට විධායක ජනාධිපති කෙනෙක් ඉන්න එකේ අමාරුව කොහාටද දැනෙන්නේ? ඒ වා දැනෙන්නේ පාර්ලිමෙත්තු සභිකයින්ට.
මේ එනජීඕ සල්ලිවලට කුලියට කහින අය. ද්‍රවිඩ සංධානයත් කුලිය ගෙවනවාලු.
සිවිල් සංවිධාන කියන්නේ අර ලිට්රෝ ගෑස් එකෙන් කුලිය ගන්න අයනේ?