IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


විදෙස් රටවල සිටින පිරිස් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

( තිළිණි ද සිල්වා ) 

 
මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද (4)  සිට ලබන 8 වැනිදා තෙක් යළි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
 
මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන් මෙම තීරණය ගත් බව ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
 
මැතිවරණයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ලබන 8 වැනිදා සිට යළි ආරම්භ කරන බව ඒ මහතා කීය.
 
ඒ අනුව 8 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 600 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය.
 
ඊට අමතරව ඕස්ට්‍රේලියාව,  සිංගප්පුරුව,  කටාර්,  ඕමාන්,  බහරේන්,   මැලේසියාව , මාලදිවයින සහ ඉන්දියාව ඇතුළු රටවල්වල රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.


 



අදහස් (26)

විදෙස් රටවල සිටින පිරිස් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

de silva Tuesday, 04 August 2020 11:02 AM

මොන බොරුද ඕනෙකමක් තිබුණා නම් ඡන්දෙට කළින් ගෙන්වාගන්න තිබුණා. ඡන්දෙන් පස්සේ ගෙන්වා ගැනීම ගැනත් කිසිම විශ්වාසයක් තියන්න බැහැ. අසරණයන්ට පිහිට නොවන මෙම ආණ්ඩුවට ඡන්දය නොදී වෙන කෙනෙකුට දෙන්න. ගුවන් යානයක ගෙනඑන 200-300ක පිරිසක් නිරෝධායනයකට යොමුකරන්න වැඩිම වුණොත් භටයන් 50ක් හොඳටම සෑහෙනවා.

:       1439       5984

Kamala Tuesday, 04 August 2020 11:16 AM

එතකොට රජයට අපේ ඡන්දය එපාද?

:       25       560

vinivida Tuesday, 04 August 2020 03:56 PM

ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු රජය කියා සිටින්නේ දේශීය ආර්ථිකයකින් රට ගොඩගන්නා බවකි. 1970 සිට 1977 දක්වා ලංකාවේ පැවතියේ දේශය ආර්ථිකය මත ගොඩ නැගුනු රජයකි. පැරකුම් යුගයක් කෙසේ වෙතත් "පෝලිම් යුගයක් නැවතත් ඇරබු ධරණී තලේ ලංකා කියා කීමට සිදුවනු ඇත . ඉදිරි මස කිහිපයදී රට තුල විරැකියාව තවත් උග්‍ර අතට හැරෙනු ඇත. මැදපෙරදිග රැකියා කරන ලක්ෂ ගණනකගේ රැකියාවන් මේවන විට අහිමිවී ගොස් ඇත. මැදපෙරදිග රැකියා විරහිත ලක්ෂ ගණනක ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම රජයට නොහැකි විය. එයට ප්‍රධාන තම හේතුව නම් රටේ ආර්ථික අර්බුදයකට මුහුණදී සිටීම වේ. එම පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට ගුවන් යානා යෙදවීමට පවා රජයට මුදල් නොමැත. මැතිවරණයෙන් පසු මැදපෙරදිග රැකියා විරහිත සියලු ශ්‍රී ලාංකිකයන් ලංකාවට පැමිණීමට මුදල් ගෙවීමට සිදුවනු ඇත. මැදපෙරදිග රැකියා විරහිත ශ්‍රී ලාංකිකයන් කියා සිටින්නේ රටට විශාල විදේශ විනිමය ලබාදෙන ඔවුන්ව පසුගිය මස කිහිපය තුල යන එනමන් නොමැතිවි සිටින අවස්ථවක රජය ඔවුන්ව අමතක කල බවකි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබදව සැකයක් මතුව ඇත.

:       13       48

ranaWednesday, 05 August 2020 05:12 AM

කොච්චිය ගිහින් හමාරයි නේ , කලින් මතක් වෙන්න තීබුනෙ නේද ?

:       0       0

G s p Tuesday, 04 August 2020 01:20 PM

බොරුවෙන් තමයි ගේම ගහන්නේ.

:       159       807

de silva Tuesday, 04 August 2020 01:28 PM

ආණ්ඩුව හිතන් ඉන්නේ මේ පුද්ගලයින් අපා දුක්විඳගෙන එහෙ අනාථ කඳවුරු තුළට වෙලා ඉඳලා, කොරෝනා තත්වය සමනය වුණාම නැවත රැකියාවලට ගිහින් ඩොලර් හම්බ කරලා ලංකාවට එවාවි කියලා. මේ ගෙන්වන්නේ නැත්තේ නිරෝධායන පහසුකම් ලංකාවේ නොමැති නිසා නොව, මොවුන් ලංකාවට ආවොත් ඩොලර් නැති වෙන නිසා... ආණ්ඩුවට මනුෂ්‍ය ජීවිත වලට වඩා මුදල් වැදගත්...

:       107       1339

AsankaTuesday, 04 August 2020 01:50 PM

100%ක් ඇත්ත. මෙන්න මේ කතාව ආණ්ඩුව හිතනවා මේ අයව නොගෙනාවොත් රස්සා නැතිවෙලා ඉන්න අය කොහොම හරි වෙනත් රස්සා හොයාගනියි. හොයාගෙන ඩොලර් නැවත ලංකාවට එවයි කියලා. ඇත්තටම මගේ මිතුරෙකුත් මේ වගේ වෙනත් රස්සාවක් හොයාගත්තා ඩුබායිවල. ලංකාවට යා ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඔහුගේ කළින් ජොබ් එකත් නැතිවුණා. මෙන්න මේක බලාගෙන තමයි අසරණ මිනිස්සුන්ව මැරෙන්න ඇරලා මේ අය ඡන්දෙ තියාගන්නේ

:       94       566

Prasad Tuesday, 04 August 2020 01:34 PM

ඕවා ඔබලාට සහ ඔබලාගේ පවුලේ අයට හොඳ පාඩම්... අපේ හාමුදුරුවනේ, මගේ රට කියනකොට උස්සලා දුන්නනේ.. දැන් කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නේ..

:       59       730

Prasad Tuesday, 04 August 2020 01:43 PM

උඩ දාගෙන ඇවිල්ලා දැම්මනේ ගියසැරේ.. මේ සැරේ විරුවා පට්ටන් ගහගෙන ඉන්න.

:       49       1319

සනත් ඉතාලිය Tuesday, 04 August 2020 01:47 PM

ගෙන්වන්න ඕනේ නැහැ ගුවන් තොටුපොළ ඇරියාම අපි උපන්බිමේ කල්ලතෝනි වගේ සංචාරකයින් විදියට එනවා..

:       29       215

ශාන්ත Tuesday, 04 August 2020 01:50 PM

ඉතාමත් හොඳ තීරණයක්. කොරෝනා ඉවර වෙනකම්ම නැවැත්වීමට කටයුතු කරන්න. විදේශගතව ඉන්න අයගෙන් තමයි එන තරමක් කොරෝනා එන්නේ... එන්න එන්න මෙහෙ කොරෝනා වැඩිවෙනවා.. හමුදාවේ කෙනෙක්ට හෝ හැදිලා එළියට පැන්නොත් රටම ඉවරයි.. ඔය ලංකාවට එන කිසිම කෙනෙක් කොරෝනා රට ඇතුලේ පැතිරිලා මෙහෙ මිනිස්සු මැරෙනකොට වග කියන්නේ නෑ.. එක්කෝ ඉන්න රටක නිරෝධායන කඳවුරු හදලා එහෙ නිරෝධායනය කරලා PCR බලලා එවන්න. මේක දුප්පත් රටක්. මෙහෙ මිනිස්සු මැරෙනකොට ඔය කවුරුත් නෑ.. මතකනේ මාර්තුවල ඉතාලි කොරියාවේ අය ලංකාවට එන්න පටන් අරන් මාස 3ක් රටම වහන්න වුණා.. ඔන්න ඔහේ ඉන්න රටක ඉන්න අරින්න.

:       3357       1870

RanjithTuesday, 04 August 2020 03:13 PM

ඔය ඉතාමත් හොද තීරනේ අරගෙන ඡන්දෙ අරන් රට උගසට තියලා සුර සැප විදියි. බඩු මිල උඩට යද්දි තේරෙයි හොද තීරනය ගැන...

:       2       119

PrabathTuesday, 04 August 2020 07:11 PM

තමන්ගේ එක්කෙනෙකුට වෙනකන් එකේ අමාරුව තේරෙන්නේ නැහැ.

:       1       97

අති-ශාන්තTuesday, 04 August 2020 08:24 PM

මෙන්න මේ තමයි කුහකයෝ කියන්නේ. නම ශාන්ත උනාට හිත ශාන්ත නැති බව පැහැදිලියි. අපේ රටට මෙහෙම උනේ මේ වගේ කුහක අදහස් තියන මිනිස්සු ජීවත් වෙන නිසා. ශාන්තගේ අදහස් වලට දිට්ට් ධම්ම වේදනීය කර්මය අනුව ප්‍රතිපල ලැබෙයි. එතෙක් සුභ අනාගතයක්.

:       0       78

DilWednesday, 05 August 2020 01:31 AM

ඔබට අවශ්‍ය නම් තර්ජනය අවසන් වන තුරු ඔබට වසර 2 ක් නිවසේ රැඳී සිටිය හැකිය. ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදීම යනු රජයට ඇති නොහැකියාවයි. ඔබේ මව හෝ පියා එහි සිරවී සිටින්නේ නම් ඔබ තවමත් එයට විරුද්ධද? තවමත් යාවත්කාලීනයි. බලවත් පුද්ගලයන් සහ හොඳින් සම්බන්ධ වූ පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණේ.

:       1       135

SujeewaWednesday, 05 August 2020 02:38 AM

මෙහෙ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට කන්නවත් ඉන්නවත් තැනක් නැහැ.

:       0       11

PrabhaWednesday, 05 August 2020 06:17 AM

හතර පෝයට සිල් ගන්න පැය 24ම බණ අහන ලංකාවේ වැඩිපුර ඉන්නේ ශාන්තලා තමයි.

:       1       3

pradeepa Tuesday, 04 August 2020 02:25 PM

රට විරුවනේ, දැන් කොහොමද සැපද? හෙට ඉඳන් තවත් සැප වැඩිවෙයි බලාගෙන ඉන්න.

:       35       1184

Kankanamge Tuesday, 04 August 2020 03:21 PM

මැද පෙරදිග රටවල සේවය කරන පුද්ගලයින්ගේ වටිනාකම කිසිදු කෙනෙක් තේරුම් නොගනී. ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයකදී අපේ පවුලේ කිසිදු ආයතනයක් නැවත ඡන්දය නොදෙන බව මම සහතික වෙමි.

:       1       6

ගයාත්‍රී Tuesday, 04 August 2020 03:38 PM

කොරෝනා එක්ක මෙහෙ ගේන්නෙ මොකටද. මෙහෙ අහිංසක මිනිස්සු මරන්නද... ඔන්න ඔහේ ඉන්න රටක ඉන්න අරින්න. කොරෝනා ඉවරයක් වුනහම ගේන්න.

:       51       0

PrasadWednesday, 05 August 2020 05:32 AM

ගයාත්‍රී, වහල් මෝඩයන් ඉන්නකන් මේ රට දියුණු කරන්න බැහැ. මේ මිනිස්සු රට ගියේ ජීවත් වෙන්න සල්ලි හොයන්න. ඔයාලා විරුද්ධ වෙන්න තිබුණේ ලංකාවේ විභාග අසමත් වෙලා උපාධි ගන්න රටගිය දේශපාලකයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ ජනපතියන්ගේ දරුවන්ව ගේන කොට...

:       0       2

සුරේෂ් Tuesday, 04 August 2020 03:40 PM

රජය මගින් ගෙන්වනවා වගේ හරියට කියන්නෙ, ඒත් ශිෂ්‍යයන්ව ගෙන්වන එක අද රජයේ නිළධාරීන් සම්බන්ධ මාෆියාවක් වෙලා., ලබන සතියෙ මැලේසියාවෙ සිටින සිසුන් ගෙන්වන්න පෞද්ගලික සමාගමකට අවසර දිලා තියෙනවා.

:       0       58

වර්නන් Wednesday, 05 August 2020 03:29 AM

මෙවැනි බොළඳ මත දක්වන කරුණු නොදත් අප වැසියන් සිටීම අප රටේ අභාගයකි. රට දියුණු නොවෙන්නේ මෙවැනි ආත්මාර්ථකමින් සිටින නිසාය. පාලකයින්ට සියලු රටවැසියන් ගැන සිතා තීරණ ගැනීමට අවශ්‍යය.

:       0       5

Prasad Wednesday, 05 August 2020 04:28 AM

ඔබලාට තේරෙනවද දැන් ඔබලා රැවටුනා කියලා.

:       1       140

de silva Wednesday, 05 August 2020 06:34 AM

අ.පො.ස සා/පෙළවත් සමත් නැති එතනෝල්, කුඩු, වැලි, පස් ජාවාරම්කාරයන් එල්ලුම්ගහට නියම වුණු මිනීමරුවන් සිටින මහාපරිමාණ දූෂිතයන්ගෙන් සපිරි කණ්ඩායමක් පාර්ලිමේන්තු යවලා ඔවුන් මෙවැනි ජාත්‍යන්තර ප්‍රශ්න විසඳාවි කියලා බලාපොරොත්තු වෙනඑක විහිළුවකි. මෙම තත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ. හොරුන්ට නාමයෝජනා දෙන පක්ෂ නායකයෝ ... ඔවුන්ට මනාපෙ ගහන ඡන්ද දායකයෝ...

:       0       23

de silva Thursday, 06 August 2020 10:40 AM

රට විරුවෝ නොමැති වුණත් 70%කින් පොහොට්ටුව දිනලා තිබෙන්නේ... ඔයගොල්ලන්ට සොරි.... ඔහෙටම වෙලා ඉන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 606 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 513 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2117 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2135 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 223 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2572 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site