(අංජුල මහික වීරරත්න)

ප්‍රමිතියක් නැති පොහොර නැව්,ගෑස් නැව් දිගින් දිගටම විදෙස් රටවල් විසින් ලංකාවට එවන්නේ ලංකා ආණ්ඩුවට ද ප්‍රමිතියක් නැති නිසා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ලංකා ආණ්ඩුවට  ප්‍රමිතියක් නැති බව ලංකාව සමග ගනුදෙනු කරන විදෙස් රටවල් වලට තේරුම් ගොස් ඇති හෙයින් වීසි කරන කුණු ගොඩවල්  රටට එවන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා කීවෙි ආණ්ඩුව කරන කිසිම වැඩපිළිවෙළක ප්‍රමිතියක් නැති බවයි.ආණ්ඩුව පත් වූ දා සිට මේ දක්වා ගන්නා ලද සෑම පියවරකින්ම සිදු වූයේ ජනතාව පීඩාවට පත්වීම යැයිද ජනතාවට සහනදායී කිසිම දේක නිරත වීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි ද එජාප මහලේකම්වරයා කීය.