(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය සංවිධානය කළ 'වෙදැස' අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) ආරම්භ කෙරිණි.
මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ සහ වෛද්‍ය සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.
ලබන 08 වැනිදා දක්වා මෙය පැවැත්වේ.
ආරම්භක දිනයේම පාසල් සිසුන් ඇතුළු මහජනතාවගෙන් ප්‍රදර්ශන භූමිය පිරී ගොස් තිබූ බවත් එහි තිබූ මිනිස් කාය විච්චේදන ප්‍රදර්ශන කුටියට වැඩි ආකර්ශනයක් හිමිව තිබූ බවත් වාර්තා වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීඨාධිපති තුමියනි, මෙම ප්‍රදර්ශණය ඉතා හොඳ එකක්. ඔබ පීඨයේ සියළු දෙනාට ස්තුතිය පිරිනමනවා. විශේෂයෙන් සිසු සිසුවියන්ට.
පිස්සෙක් අතින් ලබන සම්මානයට වඩා, ප්‍රඥාවන්තයෙක් අතින් ලබන අසුචි පහර වැදගත් යයි සිතන්න පුරුදු පුහුණු වෙන්න, දයාබර සොයුරිය!!!