
( තිළිණි ද සිල්වා )
දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල සහ පල්ස් ඔක්සිමීටර ඇතුළු කොවිඩ් වෛද්‍ය උපකරණ කට්ටල තොගයක් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙරටට එවා ඇත.
චෙක් ජනරජය, සර්බියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව සහ ඔස්ට්‍රියාවේ ස්ටයිරියා සහ කැරින්තියා හි සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරුන් විසින් පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය උපකරණ තොගය විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත භාර දුන් බව විදේශ අමාත්‍යාංශය කියා සිටී..
කොවිඩ්-19 මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහය දැක්වීමක් වශයෙන් නිර්වෙතනික ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරුන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.
ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පරිත්‍යාගය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කළ අතර ගුවනින් එම භාණ්ඩ තොගය ප්‍රවාහනය කිරීමේ පිරිවැය පියවා ගැනීමට දායක වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදෙස්ගත ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරුන්ගෙන් කොඩිඩ් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
විපරමා Saturday, 20 November 2021 05:24 PM
ලැබෙන ආධාර වලට මොනවා වෙනවද කියන එකත් ප්‍රශ්නයක්...!
පිටිගල මිලානෝ Saturday, 20 November 2021 05:25 PM
දේශපාලකයින්ගේ දූෂණය සහ හොරකම නිසා දැන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අධාර කරනවා හරිම අඩුයි. එක්තරා පාලකයෙක් සොරකම් කළ මුදල ඩොලර් බිලියන් 18ක් කියා ලෝකප්‍රසිද්ධ පත්තරයකින් පෙන්වා දුන්නා. ඔහුගේම නෑයෙක් ළඟ තිබෙන අධික මුදල් සම්භාරයත් ළඟදී පැන්ඩෝරා පේපර්ස් වලින් එළිදරව් වුණා.
අසංග Saturday, 20 November 2021 10:41 PM
කොන්සල් ජනරාල්වරු ලංකාව ගැන දන්න නිසා තමයි මුදල් නොදී උපකරණ දුන්නෙ. ලොකු උදව්වක් මේ අවස්ථාවෙ.
Sriland Sunday, 21 November 2021 01:41 AM
ඔය කරන්න හදන්නේ අයෙමත් සෙම කාරාන්ව හොයලා රට ලොක් ඩවුන් කරන්න .හැම කෙනාම දෙන්නේ ඇන්ටිජන් කට්ටල .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ,මේක ජාත්‍යන්තර ව්‍යාපාරයක් සහ විදේශීය බෙහෙත් ජාවාරමක්