
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතීඥභාවය තාවකාලිකව අත්හිටුවා ඇති සිවිල් ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , සෞඛ්‍ය ඇමති සහ ආගමන හා විගමන පාලකවරයා නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති එම පෙත්සමේ මෙසේද සඳහන්වේ.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මැදපෙරදිග ඇතුළු විදේශගතව සිටින ලාංකිකයින් විශාල පිරිසක් දැඩි ලෙස පිඩා විඳිමින් සිටිති.
එසේ පීඩාවට පත්ව සිටින 40 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් සිටිති. මෙවැනි තත්ත්වයක සිටින පිරිස් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇත.
මේ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළත් ඉන් පලක් වී නොමැත.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද , පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
දැන් ආණ්ඩුව කියයි නඩුකටයුත්ත අහවර වෙනතුරු කවුරුවත් ලංකාවට ගේන්න බැහැ කියලා...
මෙයාට ගැලපෙන්නේ නාගානන්ද නෙමෙයි, නාගන්න නන්ද තමයි. අර එකතුකරපු සල්ලිවලට මොකද කරේ කියන්න තමන්ටම පෙත්සමක් දාගත්තොත් නරකද?
ස්තුතියි... විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිස වෙනුවෙන් පෙනීසිටින එක මේ අවස්ථාවේ ඔවුන්ට කරන විශාල උපකාරයක්... පුරවැසියෙකුට තමා රටට එන්න තිබෙන අයිතිය මාස 4-5 පුරා වසා දමන්න. දේශපාලකයෙකුට හෝ නිලධාරියෙකුට කරන්න බැහැ.
එතකොට ලංකාවේ ජීවත් වෙන අයගේ ජීවත්වීමේ අයිතිය අභියෝගයට ලක්කරන්න කාටවත් පුළුවන්ද? මේ එන අයගෙන් මෙරට සිටින අයට කොරෝනා හැදුණොත් නාගානන්දට වගකීම බාරගන්න වෙයි.
මේ හාදයා අායේ අැවිල්ලාද? අනේ මන්දා මේ මිනිසුන් ඇඳුමක් ඇඳන් සමාජයට එන්නේ කොහොමද කියලා. මෝඩ මිනිසුන් ටිකක් ගොනාට අන්ඳලා හෙන සල්ලි වගයකුත් කොල්ල කාගත්තා නේද?
බූරුවන්, කොටළුවන් පිරිණු රටේ පීඩිතයන් වෙනුවෙන් කැපවන පාර්ලිමේන්තුවේ සිටිය යුතුම සැබෑ සිංහයෙක්... නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමනි, ඔබේ ගමනට සදා ජය...
ජනාධිපතිවරණයට කළින් එකතු කළ සල්ලි ඉවර වෙලා වගේ...
පසුගිය ජනාධිපතිවරණයට අනුන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ලක්ෂ 33ක මුදල වියදම් කළ නාගයා නැවතත් පෙනය පුප්පන්නේ තවත් පරිත්‍යාගශීලින් ඉන්නවාදැයි බලන්නද?
පිස්සු කරන්නේ නැතිව ඉන්න හලෝ...
ඔබතුමාවත් මීට ඉදිරිපත්වීම ලොකු සහනයක්.
අපි පාසල් යන කාලේ රටේ ප්‍රධාන විදේශ විනිමය වුනේ තේ, පොල්, රබර් වුණත් පසුගිය දශක කිහිපය තුළ "මැදපෙරදිග දහදිය හෙලන අපේ කාන්තාවන්" පළමු තැනට ආවා. අපේ රටේ සල්ලි පිටරටට දීලා ඉගෙන ගන්න ගිය "සල්ලි කාරයින්ගේ (දේශපාලකයින් ඇතුලුව) ළමයි" විශේෂ ගුවන් යානා යොදවලා ගෙන්වා ගත්තා. ඒත් "අපේ ප්‍රධාන විදේශ විනිමය උපයන දුප්පත් පිරිස" ගෙන්වා ගන්න රජයට වුවමනා කලේ නැහැ. ඔවුන් "මිනිස් බෝම්බ" ලෙස දෛවයේ සරදමකට පවා ලක් වුණා. කොතරම් ඛේදනීයද?