(විනීතා එම් ගමගේ)
විදේශ රටවල දූත මණ්ඩලයන්හි කම්කරු සුබසාධන අංශ සමඟ ඍජුව සම්බන්ධවෙමින් එම රටවල ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ.
දූත මණ්ඩල 16 ක කම්කරු සුබසාධන අංශ වෙත කාර්යංශය දන්වා ඇත්තේ කම්කරු සුබසාධන අරමුදලේ මුදල් වියදම් කර සහන සලසන ලෙසය.
එම අරමුදලට අමතරව කාර්යංශය මගින්ද එකී දූත මණ්ඩල වෙත රුපියල් ලක්ෂ අසූවක් යවා තිබේ.
කුවේට,ඩුබායි,අබුඩාබි,සිංගප්පූරුව , ජෝර්දානය බහරේන්, සයිප්‍රස්,ඊශ්‍රායල් , ජෙඩා,රියාද්, මැලේසියා , ඕමාන්, මාලදිනයින, කටාර්, දකුණු කොරියාව හා ලෙබනනය යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ කොන්සල් කාර්යාල වෙත මෙම උපදෙස් යැවූ බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය.
සහන සැලසීමේදී නීතිමය තත්ත්වයන් පිළිබඳ සැලකීමකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එකසේ කටයුතු කරන ලෙස ද උපදෙස්දුන් බව සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් යනකොට සල්ලි ගසාකන්න හදපු ආයතනයක් විතරයි ඕක. අපි අමාරුවෙන් රස්සාවක් හොයා ගත්තම, අතේ තියන ගානත් ඇමැතිලාට වාහන ගන්න අපෙන් හූරා කනවා...
පට්ට බොරු. මේ කිසිදෙයක් නෑ මිනිස්සු අනාතයි. ඒ අයගෙන් ගරන්න ගියා නෝණ්ඩිවෙලා ඒක වහගන්න මේ හදන්නේ.
මොකක් හරි ගෝනි සෙල්ලමක්.. මොනවද දීපු සහන ඔය කියන මුදලින්...
මැද පෙරදිග ඉන්න අය ලොකු අනතුරක ඉන්නේ. මේ අය අසනීප වුණොත් ප්‍රතිකාරයක්වත් ලැබෙයිද කියලා සැකයි. මේ රටවල් විදේශික ශ්‍රමිකයන් නොසලකා හරින බවක් තමයි පේන්න තියෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යයි. සාක් රාජ්‍ය නායකයින් වහාම මේ පිළිබඳව පියවරක් ගත යුතුයි.
සමහරක් පොඩි ජොබ් කරන මිනිස්සුන්ට පඩි නෑ.. කන්න නෑ. මිනිස්සු නොමැරී විඳවනවා. ලංකාවේ විතරක් නෙමෙයි..., වෙන ජාතීන් පවා ඉන්නවා.
ලක්ෂ 80 කට්ටියම බෙදාගන්න ඇති... අපි ගැන හොයනවා තියා එම්බසියෙ කවුරුවත් එම්බසිය තියන තැනවත් හොයාගන්න නැහැනේ.. මම ඉන්නේ ලෙබනන්වල..
කම්කරු සුබසාධන අරමුදලේ මුදල් වියදම් කරන එක නෙමෙයි ප්‍රශ්නේ.... ඒවා හරියට වියදම් වෙනවද? මගදි වෙන දේවල්වලට යනවද කියලා විනිවිද භාවයකින් යුතුව කරන එකයි...
මේකත් අර ජංගම අලෙවි රථ වගේ බොරුවක්ද කොහෙද ? පුළුවන් කෙනෙකු අපා දුක් විඳලා හරි පන බේරාගෙන ඒවි. බැරි පුද්ගලයන් මැරේවි.