IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


‘විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි‘

(අජන්ත කුමාර අගලකඩ)

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ඒ අනුව  මණ්ඩලයට අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බව  බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන්, විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක්  ගිය සතියේ  නතර වූ අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන්  තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇතැයි කී ඇමතිවරයා ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුනහොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කි ඇමතිවරයා ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බව ද  කීවේය .

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බව කී ඔහු දැනට තිබෙන ඉන්ධන විදුලිය නිෂ්පාදනයට ලබාදුනහොත් වාහන ධාවනය කිරීමට නොහැකි වනු ඇතැයි කීවේය .

ඉන්ධන නොමැති වුවහොත් විදුලිය සැපයුම පැයකට දෙකකට කපාහැර තත්වය කළමකළමනාකරණය  කිරීමට හැකියාව ඇති නමුත්, වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නොහැකි බව ද කීවේය .

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇත, ඉන්ධන නැත  යනුවෙන් ප්‍රදර්ශනය කරනවා හැරෙන්නට අතරමැදි තත්වයක් නොමැති බවද  ඔහු කීවේය .

ඉන්ධන දීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 920 ක මුදලක් ද , ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන්  රුපියල් කෝටි 650ක මුදලක් ද ණය වශයෙන් ලැබිය යුතුව  ඇතැයි කී ඇමැතිවරයා ඉන්ධන අවශ්‍ය නම් මුදල්  ලබා දෙන ලෙස එම ආයතන දෙකටම කල්තියාම දැනුම් දුන් බවද කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් ලබාදුන් බව කී ඇමතිවරයා විදුලි බල මන්ඩලය එසේ ඩොලර් ලබාදී නැතැයි කීවේය .

ඩීසල් සහ දැවිතෙල් අවශ්‍ය ප්‍රමාණය කල්තියා දැනුම් දෙන ලෙස විදුලිබල මණ්ඩලයට මුලදී දැනුම්  දුන් නමුත් ජනවාරි අගවන තෙක් දැවි  තෙල් හෝ ඩීසල් අවශ්‍ය නොවන බවට මණ්ඩලය දැනුම් දී තිබූ බව කි ඇමති ගම්මන්පිල මහතා එසේ තිබියදී මං 13 වැනිදා   සිට ඩීසල් අවශ්‍ය බව  මණ්ඩලය ඉකුත් එකොළොස් වැනි දා දැනුම් දුන් බවද කීවේය .

තෙල් සංස්ථාව ද බරපතළ ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ එවැනි හදිසි ඉල්ලීමක් සපුරාලිය නොහැකි බව කී ඇමතිවරයා ඩොලර් ලබා දෙන්නේ නම් පමණක් ඉන්ධන ගෙනැවිත් දිය හැකි බව සඳහන් කළේය 



අදහස් (9)

‘විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි‘

සකලබුජං Sunday, 16 January 2022 08:01 PM

මෙහෙම ගියොත් ගමේ සිල්ලර කඩෙනුත් ඩොලර් දීලා බඩු අරගන්න වෙන කාලයක් උදාවේවි..!!! 

:       0       0

saman Sunday, 16 January 2022 10:31 PM

මෙයා මෙච්චර මෝඩද ? විදුලිබල මන්ඩලය හෙට අපිට කියාවි ඩොලර් වලින් ගෙවන්න කියලා.

:       0       0

චමින්ද Monday, 17 January 2022 06:31 AM

විදුලිය ඇමතිවරයා කියන්නෙ ගෙවීමට තියෙන්නෙ පෙර ගෙවීමට තිබුන මුදල් කියලා කවදා මුදලක් වුනත් ගෙවීම් කලයුතුය එහෙම නැතුව හිටපු ඇමති ඇවිත් ගෙවන්නෙ නැහැ .කැබිනට් එකේ සාමූහික වගකීමක් නැතිබවත් තමයි මෙයිනුත් පේන්නෙ .කොහොම වුනත් උසස් අධ්‍යාපනය සමග මහාමාර්ග විධ්‍යාත්මකව ගැලපෙනවා වගේම ඇමති පට්ටම් දීමට බලශක්ති කටයුතුවලින් විදුලිය එකෙකුට ඉන්ධන එකෙකුට ගෑස් දෙන්නෙකුට දීලා නැතිප්‍රශ්න ඇති කරලා තියෙන්නෙ කොහොමද වියත්මගේ මොළගෙඩිවල දැනුම

:       0       0

Bamunuarachchi Monday, 17 January 2022 07:17 AM

මැට්ටෝ විදුලිබල මණ්ඩලය ඩොලර් උපයන්නේ මොනවා විකුනලාද? ඒ කාලේ කතාව තිබුනේ සාම්පුර් විදුලිය පිට රට විකුනන්න පුළුවන් කියලා නේද? පාදිලියෝ එකෑවා නේද? විදුලිබල මණ්ඩලයෙන් ඩොලර් ඉල්ලනවාට වඩා ලෙහෙසියෙන් ඉබ්බන්ගෙන් පිහාටු ගන්න පුළුවන්.

:       0       0

බමුණුආරච්චිගේ තාත්ත Monday, 17 January 2022 09:24 AM

මම මේ කල්පනා කලේ මේ කොන්දේසිය එහෙමම තියෙද්දී ගම්මන්පිලව විදුලිබල ඇමති කලා නම් හරි. ඊට පස්සේ මිනිහා අපෙන් විදුලියට ඩොලර් වලින් චාජ් කරයි. ඔයිට අමතරව ෂෙඩ් වලත් ඩොලර් වලින් විතරක් පුළුවන් විදිහට හැදුවාම හරි. පොඩි මිනිස්සුන්ට හුලු අත්තක් අරන් පයින් යන සමාජයකට හුරු කරල ලංකාවේ ඩොලර් ප්‍රශ්නයෙන් ගලව ගත්ත වීරයෝ විදිහට ලොකු සෑර්, පීබී සෑර්, බැසිල් සෑර් කබ්රාල් සෑර් සහ ගම්මන්පිල සෑර්ව නම් කරන්න පුළුවන්

:       0       0

fairoos Monday, 17 January 2022 12:22 PM

ඇයි ඩොලර් ඉල්ලන්නේ?කබ්රාල් ඒකත් අච්චු ගහනවද?මේ ආණ්ඩුව රටට සාපයක් .කරන්න බැරිනම් තොලොංචි වෙලා පලයල්ලා

:       1       7

Hafeel Monday, 17 January 2022 12:57 PM

වාහනවලට තෙල් අවශ්‍ය නැහැ. අපේ මහින්ද අගමැති පාපැදියෙන් ගමන් කරලා රටට ආදර්ශයක් දුන්න නිසා. ඉදිරියේදී රට වැසියෝ ඔහුව ආදර්ශයට ගන්න වෙනවා. ඒ වගේම අපේ අගමැති විදුලිය වෙනුවට තවත් මොනවා හරි ආදර්ශයක් හැටියට හඳුන්වා දුන්නුත් හොඳයි.

:       1       7

Hafeel Monday, 17 January 2022 01:03 PM

නිකම් කයිවාරු නවත්තල ප්‍රායෝගික වෙන්න දේවල් කතා කරන්න. විදුලි බල මන්ධල්ය කොහොමද ඩොලර්වලින් ගෙවන්නේ? ඒවා කොහොමටත් වෙන්න බැහැ. අනික තෙල් සංස්ථාව පාලනය කරන්නේ මුදල් අමාත්‍යංශයෙන් මිස මෙයාට මොකුත්ම කරන්න බැහැ.

:       1       7

දිසා...ගම්පහ. Monday, 17 January 2022 01:30 PM

විදුලි බල සහ ඛනිජ තෙල් යන ආයතන දෙක , රටවල් දෙකක ආයතන දෙකක් නොවන බැවින් වාද විවාද කිරීමෙන් වැලකී ජනතාවට අවශ්‍ය සේවාව ලබා දීමට පියවර ගත යුතු නොවේද ?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1077 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site