IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලි උපකරණවල සඟවා ඉතාලියෙන් මත්කුඩු ගෙන්වූ 3ක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
විදුලි උපකරණ තුළ සඟවා ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන් වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් 780,000ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි.
 
සැකකරුවන් සතුව තිබී රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උදුන් දෙකක්, ජංගම දුරකථන පහක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
 
එම විදුලි උපකරණ තුළ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක්ද සොයා ගත් බව පොලිසිය කියයි.
 
සැකකරුවෝ මිනුවන්ගොඩ, හොරණ සහ මූණමල්දෙනිය පදිංචිකරුවෝ වෙති.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(01) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

විදුලි උපකරණවල සඟවා ඉතාලියෙන් මත්කුඩු ගෙන්වූ 3ක් අල්ලයි

Raveendra Friday, 01 March 2019 06:45 AM

කරුණාකර මෙම පාදඩයන්ගේ නම්ගම් ලිපිනයන් මෙන්ම ඡායාරූපද ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. "එමගින් සුළුවෙන් හෝ "මෙම අනාගත පරපුර විනාශ කරන මෙවන් ක්‍රියාවන් වළකාගතහැකි බව අපගේ අදහසයි. නම් ගම් ලිපිනයන් ප්‍රසිද්ධ වීමෙන් මෙම කාලකන්නින්ට කෙසේවෙතත් මෙම බූරුවන්ගේ අහිංසක දෙමාපියන් ඥාතින් අඹුදරුවන්ටද ලැජ්ජාවන් සිදුවෙන බැවින් එමගින් හෝ මේවා අඩුකර ගත හැකි නොවන්නේද?

:       1       111

Mahee Friday, 01 March 2019 07:33 AM

මේ නිකම් දෙකයි පණහෙ මිනිස්සු. පසු බිමේ ඉන්න දේශපාලුවෝ නැත්නම් පොලිස් ලොක්කෝ කවුද කියල හෙලිකල දාට අපිත් පිලිගන්නවා ලංකාවේ නීතියක් තියෙනවා කියල.

:       0       46

Shiranthi Friday, 01 March 2019 08:18 AM

පිටිගල මිලානෝගේ අලුත්ම ව්‍යාපාරය මේකද?

:       3       194

smn Friday, 01 March 2019 09:57 AM

කුඩු නම් කොච්චරවත් අහුවෙනවා තමයි. ඉතින් වැඩක් වේ. ඒ කුඩුම වෙනත් අත්වලට මාරුවෙනවා නම්…

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site