(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)
විදුලිබල ක්ෂේත්‍රයේ වසර ගණනාවක සිට බරපතළ මාෆියාවක් තියෙනවා. විදුලිය පිළිබද ප්‍රශ්නය එකපාරටම ආපු ප්‍රශ්නයක් නෙවෙයි.විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු පිළිබද තාක්ෂණික අංශවල වසර ගණනාවක් තිස්සේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න විසදා ගැනිමට නොලැබිමේ අවාසනාවන්ත තත්ත්වය නිසා තමයි ජනතාවට කළුවරේ ඉන්න වෙලා තියෙන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.
විදුලි අර්බුදයක් නොමැති කාලවලදිත් පුද්ගලික අංශයෙන් විදුලිය ගැනිමට කෝටි බිලියන කියක් වැය වෙනවාද කියලා මේ රටේ ජනතාව දන්නේ නැහැ. දිර්ඝකාලයන සිට පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න අති විශාල මුදලක් වැය කරණවා.
තිබු ප්‍රශ්න එකතුවෙලා එකතුවෙලා ඉතා නරක තැනකට ඇවිත් තියෙනවා. තෙල් අර්බුදය ගල් අඟුරු පිළිබද ප්‍රශ්න ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙලා තියෙන තත්වයක්. තාක්ෂණික හා දේශාපලන අංශ ඒ අය සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසදලා ජනතාවට අවශ්‍ය සහන සුභසාධන පහුසකම් ලබාදිම තමයි වැදගත් වෙන්නේ.
ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ ශ්‍රි පුඤ්ඤසාර සමරු සදහම්පාය විවෘත කිරිමෙන් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාෆියාවක් ඉහළ සිට පහළටම විදුලිබල මණ්ඩලේ තියෙනවා. මෙහි සියලු සේවකයින් අධික වේතනයන් ලබනවා. නමුත් වර්තමාන විදුලි අර්බුදයට හේතුව සාටකයින් හොරාකාපු නිසා තෙල්ගන්න ඩොලර් නැතිකමයි. අනෙක් හේතුව මෙතරම් හිරුට නිරාවරණය වී සුළඟට නිරාවරණය වූ ලංකාවේ එම ශක්තිය ග්‍රහණය කරගැනීමෙහි විධිමත් යටිතල පහසුකමක් කුමක් හෝ හේතුවකට තවමත් සම්පාදනය නොකිරීමයි.
විසඳුම පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වාවත් වැඩි කිරීමයි. ඵ්කට විදුලි මාෆියාව විරුද්ධ ඇයි කියලා පැහැදිලියිනේ...
විදුලි බල මණ්ඩලය පමණක් නොවෙයි අටේ ප්‍රධාන ආයතන රාශියකම ඇත්තේ හැකි උපරිමයෙන් හොරා කන සේවකයින්. ඒ සඳහා උගත්කම් බලපාන්නේ නෑ. හැන්ද අතේ තියෙන කෙනා හොඳට බෙදා ගන්නවා. සත්ව උද්‍යානය තුළත් ළඟදී සිදුවුණේ හොරා කෑමට පුරුදු අයගේ මගඩියක්... තදබල නීති ගෙනැවිත් හෝ මේවා නිවැරදි කර නොගත්තොත් රටම හාන්සි...
ඕනෙම බලයේ ඉන්න ආණ්ඩුවක් මාෆියාව පාලනය කරන්න හැදුවොත් ඒ වෙලාවේ ඉන්න විපක්ෂය මාෆියාවට සහාය දෙනවා, දේශපාලන වාසි වෙනුවෙන්... අවසානයේ අනෙක් සියලු දේ වගේම සියලුම දේශපාලකයින් නිසා රටේ ජනතාව දිනෙන් දින කබලෙන් ලිපට වැටෙනවා. විදුලිබලේ තමන්ගේ හයිය පෙන්නලා ඉහළ පඩි ගන්නවා, දොස්තරලා තමන්ගේ බලය පෙන්නලා ඉහළ පඩි විතරක් නොවෙයි තමන්ගේ දරුවන් හොඳම පාසලට දමා ගැනීම, බදු රහිත වාහන ආදිය දිනා ගන්නවා. නීතීඥයින් හයිය පෙන්නලා රිසිට් පතක්වත් නොදී හිතූ ගණන් මිනිසුන්ගෙන් සල්ලි ගන්නවා.., නඩු කල්දාමින් ගරනවා, කිසිඳු ආදායම් බද්දක් ගෙවන්නේ නෑ. පොලිසිය ඕනෑම මිනිහෙක්, හොරෙක්, කුඩුකාරයෙක් කරලා මරා දමනවා. ඔය කවුරුත් හිතන්නේ නෑ දවසක මගේ දරුවා මම කරන මේ දෙයින්ම බැට කනවා කියලා... දොස්තරගේ දරුවා දොස්තරවත්, පොලිස්කාරයාගේ දරුවා පොලිස්කාරයෙක්වත් වෙන්නේ නෑ. ඔවුනුත් කවදා හරි මේ රටේ විනාශයට අසුවෙලා දුක්විඳලා මිය යනවා. සමහර විට පොලිස්කාරයාගේ දරුවා පොලිස්කාරයෙකුගෙන්ම හෝ දොස්තරගේ දරුවා දොස්තර කෙනෙකු අතින්ම මියයනවා...
මේ ආණ්ඩුවට හැම එකටම මාෆියා තියෙනවා. නැතිනම් කොරෝනා ඊ 2 විතරයි. ඒත් මම බැලුවා ඇයි මෙතුමා කලබල වෙන්නේ..?
ඔබතුමා කියන්නේ එක කාරණයක් පමණි. තවත් එකක් මම කියන්නේ... විද්‍යාත්මකව බලශක්තිය නැමැති කුඹුරට හාන්න දාලා තියෙන්නේ එළ හරකෙක් සහ මී හරකෙක්... ඉතින් හරක් දෙන්නා දෙපැත්තට අදිනවා.
සෞභාග්‍යයේ දැක්ම නම් මරු .රට රකින අපේ විරුවා
සිරිසේන මහත්තයෝ ඇයි ඔයාට කරන්න බැරිවෙලා දැන් කියවන්නේ? ඔයත් අවුරුදු හතරහමාරක් මේක කෑවනේ.