IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


විදුලි අර්බුදයට විසඳුම් සොයන්න අගමැති ප්‍රධාන කමිටුවක්

(ඩයනා උදයංගනී)

         

වර්තමානයේ පවතින විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් හා අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරී ඇත.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවී තිබේ. 

 



අදහස් (6)

විදුලි අර්බුදයට විසඳුම් සොයන්න අගමැති ප්‍රධාන කමිටුවක්

tommy Wednesday, 10 April 2019 11:33 AM

හැම මගුලටම කමිටු දානවා. ඔය අමාත්‍යංශ භාරව මීට කලින් හිටපු ඇමතිවරු නිදාගෙන හිටයද?

:       0       2

sarath Wednesday, 10 April 2019 11:36 AM

අර මොනවද බර වුණාම පිට්ටනි හොයනවා වගේ, හානිය සිදු වුණාට පස්සේ හැම එකටම කමිටු දානවා. ඔය වැඩේ කරන්නට ආණ්ඩුවක් ඕනෙද?

:       0       2

Andy Wednesday, 10 April 2019 12:50 PM

මගේ අම්මෝ මහ බැංකුවේ හොරු ටිකයි... මෙලෝ හසරක් නැති නැති දෙන්නෙක්.. එකම දේ මොවුන් ගහන ගැහිල්ලේ පවර් ප්ලාන්ට් 100ක් හදන්න පුළුවන්. මෝඩ හැතිකරේ රට වටේ මුහුද... බබ්බු තමයි. බලන්න ඩෙන්මාර්කය දිහා...

:       0       3

ඊටී Wednesday, 10 April 2019 02:03 PM

මේ කමිටුවට වඩා හොඳයි. සා/පෙළ සමත් සිසු කමිටුවක්. ඔක්කොම ඔව් සර් කට්ටිය...

:       0       1

Perakum Thursday, 11 April 2019 07:33 AM

මොකටද ඔයහැටි බලගතු කොමිටි? යන්තම් මොලේ කලඳක් තියන කෙනෙක් ඔය දියවන්නාවටම නැද්ද? මේ ප්‍රශ්නයට තියන හොඳම සහ ආසන්නම විසඳුම සුර්ය පැනල බව දන්නේ නැද්ද? හැම ගේකටම එක සුර්ය පැනලයක් බැගින් තිබ්බොත් මේ ප්‍රශ්නය සදහටම විසඳෙනවා. ඒත් ඒක කලොත් සාක්කු හිස් වෙන නිසා කවුරුත් ඒකට කැමති නැහැ. අපේම අවාසනාව...!

:       0       0

Ranaweera Thursday, 11 April 2019 07:44 AM

වඳුරු ප්‍රතිපත්තිය , වැහි කාලෙට ගෙවල් හදන්න හිතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 411 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2185 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site