(ඩයනා උදයංගනී)
වර්තමානයේ පවතින විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් හා අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරී ඇත.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවී තිබේ.
COMMENTS
හැම මගුලටම කමිටු දානවා. ඔය අමාත්‍යංශ භාරව මීට කලින් හිටපු ඇමතිවරු නිදාගෙන හිටයද?
අර මොනවද බර වුණාම පිට්ටනි හොයනවා වගේ, හානිය සිදු වුණාට පස්සේ හැම එකටම කමිටු දානවා. ඔය වැඩේ කරන්නට ආණ්ඩුවක් ඕනෙද?
මගේ අම්මෝ මහ බැංකුවේ හොරු ටිකයි... මෙලෝ හසරක් නැති නැති දෙන්නෙක්.. එකම දේ මොවුන් ගහන ගැහිල්ලේ පවර් ප්ලාන්ට් 100ක් හදන්න පුළුවන්. මෝඩ හැතිකරේ රට වටේ මුහුද... බබ්බු තමයි. බලන්න ඩෙන්මාර්කය දිහා...
මේ කමිටුවට වඩා හොඳයි. සා/පෙළ සමත් සිසු කමිටුවක්. ඔක්කොම ඔව් සර් කට්ටිය...
මොකටද ඔයහැටි බලගතු කොමිටි? යන්තම් මොලේ කලඳක් තියන කෙනෙක් ඔය දියවන්නාවටම නැද්ද? මේ ප්‍රශ්නයට තියන හොඳම සහ ආසන්නම විසඳුම සුර්ය පැනල බව දන්නේ නැද්ද? හැම ගේකටම එක සුර්ය පැනලයක් බැගින් තිබ්බොත් මේ ප්‍රශ්නය සදහටම විසඳෙනවා. ඒත් ඒක කලොත් සාක්කු හිස් වෙන නිසා කවුරුත් ඒකට කැමති නැහැ. අපේම අවාසනාව...!
වඳුරු ප්‍රතිපත්තිය , වැහි කාලෙට ගෙවල් හදන්න හිතනවා