(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ අද (4) දහවල් විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුට ගම්වාසීන් පිරිසක් විසින් පහර දී ඇති අතර තත්වය සොයා බැලීමට ගිය විදුලි අධිකාරීවරයාට ද පහරදීමෙන් තුවාල ලබා රෝහල ගත වී ඇත.
ආච්චිපුරම් ගම්මානයේ අනවසරයෙන් විදුලිය භාවිතා කරන පුද්ගලයින් හා විදුලිබිල් නොගෙවූ පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කිරීමට අද දහවල් එම ගම්මානයට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනාට ගම්මානයේ සිටි පිරිසක් මෙලෙස පහර දී තිබේ.
පසුව ගම්මානයට ඇතුළුවීමට විදුලිබල මණ්ඩල සේවකයින්ට අවස්ථාවක් නොදී ඇති අතර තත්වය සොයා බැලීමට හා ගම්වාසීන් සමඟ සාකච්ඡා කිරීමට ගිය වව්නියාව විදුලි අධිකාරීවරයාට ද පුද්ගලයකු විසින් පහරදී ඇත.
පහරදීම සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය දැනුම් දුන්න ද වව්නියාව පොලීසිය සැළකිල්ලක් නොදැක්වූ බවට විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් වව්නියාව පොලීසියට චෝදනා කර සිටිති.
පහරදීමෙන් විදුලිබල මණ්ඩලයේ සෙවකයින් වව්නියාව රෝහලට ඇතුළත් වී ඇති අතර ගම්වාසීන්ගේ පහරදීමෙන් විදුලි අධිකාරීවරයාගේ හිස ප්‍රදේශය ද තුවාල වී තිබේ.
පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් එසේ නොවන්නේ නම් තමන් සිය රාජකාරී කටයුතු වලින් ඉවත්වන බවටද වව්නියාවේ විදුලිබල මණ්ඩල සේවකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 16
96
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලිය විසන්ධි කරන්න ගිය ලංවිම සේවකයන්ට ගම්මු පහර දෙති
sampath Monday, 04 November 2019 12:16 PM
මේ ප්‍රදේශයට කරන සැපයුම් සහ අත්‍යාවශ්‍ය නඩත්තු සතියක් දෙකක් ප්‍රමාද කළා නම් හරි...
කදිරා Monday, 04 November 2019 02:24 PM
ස්වයං පාලන බලතල දැනටම අරගෙන වගෙයි.