
(අජන්ත කුමාර අගලකඩ)
විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් තිබේ .
විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් ගෙන්වීට මුදල් ලබාදෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (25) සිට විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය මුලින් තීරණය කර තිබිණි .
COMMENTS
සිල්ලර කඩයක ස්වරූපය හෝ ඒ ආකාරයට තීරණ ගන්න රජයක්.
ඇයි මෙච්චර දවසක් ඩොලර් නොදුන්නේ ඔය ප්‍රශ්නය ඔඩු දුවන තෙක්ම. රටේ ඩොලර් නෑ කීවාට දේශපාලුවන් කොහොම හරි ගන්නවා. දැන් සුමාන දෙකකට කලින් බස්නාහිර පළාත් සභාවේ හිටපු පරණ අලි නෝනා කෙනෙ තොගයක් සමඟ ඕස්ට්‍රේලියාවේ ගියා.
කොහොමහරි දෙන්න.
ඒකාකාරී විධිමත්භාවය සහ සම්බන්ධීකරණය රජය තුළ දක්නට නොලැබේ.
ජනාධිපතිතුමනි ඔබතුමා ඩිසල් දුන්නම කියයි ජලමට්ටම පහල බැහැලා නිසා විදුලිය කපන්න වෙනවා කියලා.
මෙයාගෙ උපදෙස් ගත්ත නම් තාම යුද්ධෙ යනව. මොනවද මේ කථා හලෝ , පුලුවන් නම් කියන්න ඩොලර් හොයන්නෙ කොහොමද කියල.
එතකොට මෙච්චර කල් රඟපෑවේ නාටකයක් ද?
එහම නම් ගම්මන්පිල නැතුව මේ සාකච්චා කරලා තීරණ අරන් තියන්නේ.
ඔබ තුමාලා බලයට ඒමට පෙර පැවසූ දෙයක් තමයි පුනර්ජනනීය විදුලි බලය සදහා වැඩි අවධානයක් යොමු කරන බව. නමුත් මේ දක්වා කිසිම දෙයක් සිදු කරලා නෑ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් (බදු සහන) මමත් මගේ නිවස වෙනුවෙන් ආයෝජනය කරන්න සූදානම්.
රාජ්‍ය පාලනය දැන් විහිළුවක් වෙලා.
කබ්රාල් වගේ මෙයත් අච්චු ගහන්න පටන් අරන්ද.?
ජනපතිගෙන් උපදෙස් ලැබුණානම් අකුරටම කෙරෙයි.
ආ... ඊයේ නේද ඔය උපදෙස දුන්නේ.?
150 සහල් 1000 ගෑස් සහ කිරිපිටි හිඟය දැන් විදුලිය තිබේ කරුණාකර ඊළඟට කුමක් ද?
ප්‍රශ්න ඇති කරනවා....... ඒව විසඳල ලකුණු දාගන්නවා!! අපි ගොන්නු ටික ඇන්ඳෙනවා!!!
ජනාධිපතිතුමනි ඔබතුමා කෙලින් මැදිහත් වෙන්න ප්‍රශ්න විසඳන්න අපේ රට නොබැඳි රටක් නිසා හැම රටකටම කතාකරලා සහන ගන්න.
හොඳ වෙලාවට උපදෙස් දුන්නේ නැත්නම් අපි අනාතයි.
විදුලිය බල මණ්ඩලය කියන්නේ,මුදල් නාස්තිකරණ හොර ගුහාවක්.කෝටි ගණනක මුදල් වැයකොට හිතු මනාපෙට වැඩි වැටුප් ගෙවීමක් ගැනත් පසුගිය දවස්වල පුවත් මැවුණා.රට මෙහේ වළපල්ලට යනවා.මිනිසුන් විඳිනා දුක කියන්න වචන නැහැ.ඒත්,මේ මණ්ඩලේ මුදල් නාස්ති ගැන කිසිවෙකු නිසි පියවරක් ගන්නේ නැහැ.රටේ නායකයා ලෙස ඔබතුමා හෝ මේ සම්බන්ධව කිසිවක් නොකරන්නේ ඇයි ?
මෙයා යුද්ධේ කොලා කිව්වාට මෙයාගෙ උපදෙස් වලට යුද්ධේ කොලානන් අපේ හමුදාව සමූල ඝාතනය කොරලා මෙලහට...පාර්ලිමේන්තුවෙ 2/3 ත් තියාන හාල්මෝල් කාරයෙඔ දෙන්නෙක් ව පාලනය කොර ගන්න බැරි කෙනා.අද ගහන ගැසට් එක හෙට රිවස්. පැයේ සභාපතිලා පත් කොරනවා...පිස්සු
මේවා අහලා ඇති වෙලා තියෙන්නේ .පත්තරේ දාලා වැඩක් නෑ වැඩේ කරන්නේ නැතුව
මම හිතුවේ අන්දරේ තමයි හොඳම විහිලු කාරයා කියලා.දැන් මෙයා මේ කියන්නේ විදුලිය මැදමුලනේ හංගාගෙන ඉඳලාද මෙච්චර කල්
කතාවෙන් නම් තේරෙන්නේ දැනුයි ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ කියලා
දැන් පෙන්වනවා ජෝක්ස් විත් ගෝටා තව වසර 3ක් පුරාවට
ඩොලරයට 250 ගානේ දෙනවා නම් විදේශ සේවකයින් ලංකාවට සල්ලි දායි
නැතිවෙච්ච ජනතා අප්‍රසාදය නැවත ලබාගන්න මුන් ටික එකතුවෙලා නාට්‍ය තිරපිටපත ලියල රගදක්වන නාටකයක් මේක ( පාස්කු නාටකය , පල්ලියේ බෝම්බ නාටකය . හිටන්සමයේ සයිටම් දොස්තර කෙනෙකුට පහර දීම ආදී නාට්‍ය වගේ ) නැතිනම් විදුලි ඇමතිය එකක් කියනවා තෙල් ඇමතිය තව එකක් කියනවා විදුලි ඉංජිනේරු සංගමය තව බයිලාවක් කියනවා දැන් අතිගරු ජනපති තව එකක් කියනවා මෙහෙමඅතිගරු ජනපති කියපු සැනින් විදුලිය කැපිල්ල නවත්තනන පුළුවන් නම් එක විජ්ජාවක් මොකද තෙල් නැහැ කිව්වා , ජනන යන්ත්‍ර කැඩිලා කිව්වා ( ඔහොම ජනන යන්ත්‍ර කැඩෙන්නේ මමහිතන්නේ ලෝකෙන්ම මෙහෙ විතරයි - එකත් පල් බොරුවක් ) රටකට ගියපු කලක් අනික අතිගරු ජනපති ඔය වගේ කෙලින් තීන්දු ගන්නවානම් අර ගෑස් ප්‍රශ්නේ හොයන්න උන්නාන්සේම පත් කොරපු කොමිසමේ වාර්තාව අනුව පැහැදිලිවම කොම්පැනියේ නෙව වැරැද්ද ! කව්ද මන්ද සභාපති අස් කරා ඒ සැනෙන් ආපහු තනතුරේ පිහිටෙව්වා මිනිස්සු මලා දේපල හානි උනා පාඩු වෙච්ච මිනිස්සු ඒවා දරාගෙන ඉන්නවා කමක් නැහැ ඔය කට්ටියගෙන් යම් ප්‍රතිශතයක් හරි ඇති නෙව මුන්නාන්සේට රැවටිච්ච
කැපීම නවත්වන්න බැහැ ඔය විදුලි බලයේ ඉන්න ලොක්කන් සහ කේවට්ටයින් ටික ඔක්කොම අල්ලා හිරේ දමනකම් .ජනපති කිවුව පලියට වෙනසක් වෙන්නේ නැහැ.එවුන් එකෙක්වත් ජනපති කියන දෙය අහන්නේ නෑ .ජනපති ඔහේ කියන්නම් වාලේ කියවනවා .මීඩියා කාරයින්ට ඇහෙන්න .කිසි වෙනසක් ලැබෙන්නේ නෑ ,පෙනෙන්නේ නෑ
දැන් රටම දන්නවා යුද්ධයේ මහමොලකරු කවුද කියලා...?
විදුලිය කෙසේවෙතත් ජනතාවගෙන් ඔබතුමාත් කැපිලා ඉවරයි...
සමහර දිනවල පැය හත, අටක් විදුලිය කපන රටට විදුලි බලයෙන් දුවන කාර් ආනයනය කරන කතාවකුත් කිව්වා නේද මීට ටික දවසකට කලින්...? ආයේ කතා දෙකක් නැහැ.. හොඳම විකට නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි. මෙහෙම විහිලුවකට හිනා වෙනවා හැර ඉතින්, වෙන මොන සතුටක්ද අපට...!
උපදෙස් නම් කොහොම දෙන්ඩ බැරිද? බලය ගන්න ඉස්සරනම් කොහොම ඇන්දිල්ලක් ද කෙරුවේ...? අද රටට දෙවියන්ගේම පිහිටයි...
මම නෙළුම් කුළුණ උඩ තියන්න කුප්පි ලාම්පුවක් පූජා කරන්න කැමැත්තෙන් සිටිමි..
හිත අසතුටින් ඉන්න අයට හැමදේම පේන්නෙ ඇදයට. පව් අසරණ ජීවිත..!