(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලක බදු පදනම මත පවත්වාගෙන යනු ලබන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමට එම අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.
දැනට පත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් නොතිබීම සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කර තිබේ.
විදුලිබල අමාත්‍යාංශයේ පවත්වාගෙන යන ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම පසුගිය වසරේ ජුලි මස 31 වැනිදායින් අවසන් වූ අතර එය මේ වසරේ ජුලි මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
මෙම අමාත්‍යාංශයේ වෙනම ගොඩනැගිල්ලකට රැගෙන යාම සඳහා ගිය වසරේ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබුණද එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
විදුලිබල අමාත්‍යාංශයේ දැනට පවත්වාගෙන යන ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ල සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 17 ක පමණ මුදලක් බදු වශයෙන් මාසිකව ගෙවනු ලැබේ.
COMMENTS
ඇයි මේ මණ්ඩලේට වැඩිපුරම දිර්ගකාලින සැලසුම් නැත්තේ. කෙටි කාලින සැලසුම් වලින් හොද්ද බොරවෙනවා වැඩි හින්දාද? කොළඹ හා ඒ අවට පමණක් ගොඩනැගිලි කියක් බදු /කුලී පදනම මත ලබාගෙන තියනවාද? රාජ්‍ය ගොඩනැගිලි කියක් බදු /කුලී පදනම මත ලබාගෙන තිබෙනවාද? රාජ්‍ය ආයතන කියක විදුලි ජනක තිබෙනවාද? කී තැනකින් විදුලිය මිලදී ගන්නවාද? හැමදේම පෞද්ගලික අංශයෙන් මිලිදිගත්තහම සාක්කු කීයක් තර වෙනවාද? වැදගත්ම දේ තමා, ඔය සියලු ගසාකෑම්වලට ගෙවීම් සිදුකරන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයාට බව.
ඔය හදන්නේ සබිතගේ මාලිගාවට යන්න.
මමනම් කියන්නේ ඕක අර නිකන් තියෙන සබීතාගේ බිල්ඩිමට ගෙනියන්න කියලා. ඒකට කොහොමත් දැන් ගෙවලනේ තියෙන්නේ.