IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි

  (තිළිණි ද සිල්වා) 

විදුලිබල මණ්ඩලය සඳහා  පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ විදුලි බලාගාර වෙනුවෙන් ඉන්ධන ගෙන්වීමේදී සිදුවී ඇති බව කියන මහ පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සඳහා කරුණු දැක්වීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට  අද (02) සිදුවිය. 

වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට  ලැබී ඇති පැමිණිල්ලේ විමර්ශන කටයුතු වෙනුවෙන්  ආචාර්ය සුරේන් බටගොඩ මහතා කොමිසම හමුවට කැඳවන ලදි. බටගොඩ මහතා පැය හතරකට ආසන්න කාලයක් එම කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ප‍්‍රකාශයක් දී තිබේ. 

විදුලිබල මණ්ඩලයේ පසුගිය කාලය තුළදී සිදුව ඇතැයි කියන මෙම දූෂණ සහ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කමිටුවක් පත් කරන්නැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත‍්‍රිකාවක් මඟින් ඉල්ලා තිබිණ.  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම දූෂණ සහ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැවරිණි.

2015 ජනවාරි 15 දින සිට 2018.දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ රජයේ ආයතන වල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් දූෂණ සහ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව කරුණු සොයා බලයි.

ඒ යටතේ විදුලිබල මණ්ඩලය සම්බන්ධ පැමිණිල්ලේ මූලික විමර්ශන සඳහා අවශ්‍ය විස්තර සහ තොරතුරු ලබා දීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා අද (2) පෙරවරු 9.00 සිට පැය 4 කාලයක් කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට තොරතුරු සැපයූ බවද එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

වත්මන් ආණුඩවේ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි පැවසේන  දූෂණ සහ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට  හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද පැමිණිළි කර තිබේ. 

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදලේ රුපියල් මිලියන 23000 ක් මුදලක් එහි නිලධාරීන් විසින් වංචනික ලෙස අවභාවිත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා කියයි. 

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් දීම සඳහා විජයදාස රාජපක්ෂ මහතා අනිද්දා (04) කොමිෂන් සභාවට පැමිණීමට නියමිතව  ඇත. 

 



අදහස් (4)

විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි

rohan Tuesday, 02 April 2019 01:43 PM

මේ කෙනාට චෝදනා ගොඩක් එත් තවම මණ්ඩලේ වැඩ පුදුම රටක්.

:       0       24

Amila Tuesday, 02 April 2019 02:43 PM

මේ පුද්ගලයා ඉවත් කරලා වෙන මනුස්සයෙක් ඕකට දාන්න. මේ පුද්ගලයා තමා දන්න විදියට මූලිකම හේතුව අද රටේ මේ තියෙන විදුලි කප්පාදුවට. අනික පුද්ගලික ඩීසල් බලගාර රජයට පවරගන්න ඕන. නැත්තම් ඒවායෙන් කොමිස් ගහන්න බලන් ඉන්නේ මේ හොර නිලධාරීන් ටික.

:       0       32

sarath perth Wednesday, 03 April 2019 12:00 AM

ඉස්සර පේන ඇහුවේ හොරාගේ අම්මගෙන් එත් දැන් පේන අහන්නේ හොරා ගෙන්. කමක් නැහැ ඔහොම යං

:       0       4

jayath Wednesday, 03 April 2019 06:01 AM

මේ නාටකේ ප්‍රදාන චරිතය, අරාබි දඬුවම් දෙන්න ඕන හරිනම්. තව උප චරිත කරපු නළුවොත් ඉන්නවා නමුත් එකෙකුටවත් මොනවත්ම නොවෙන බවට මෙන්න කැට!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29176 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18218 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11454 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 711 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 213 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site